කර්මාන්ත සංවර්ධනයට විදෙස් ආධාර

68


ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් මහතා පවසයි.
යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවට ලබාදෙන මෙම ඩොලර් මිලියන 22.83 ක මුදල 2015 සිට 2023 දක්වා වන වසර 8 ක කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර ඇත.
මිට අමතරව ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර නිෂ්පාදන සංවර්ධනය සඳහා යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය යූරෝ මිලියන 11 ක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සඳහාද තවත් යූරෝ මිලියන 7.75 ක් වෙන්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment