කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයේ අයිඩියල් ප‍්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප‍්‍රතිචාර

109

කර්මාන්ත අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප‍්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප‍්‍රතිචාර ලැබී තිබේ.

මෙම ප‍්‍රදර්ශනය මෙම මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පෙරවරු 9 සිට රාත‍්‍රී 9 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ ප‍්‍රදර්ශන භූමියේ පැවති අතර ඒ සඳහා මෙරට ප‍්‍රමුඛතම කර්මාන්ත විස්සක් නියෝජනය කරමින් ඉදිරි පෙළ කර්මාන්තකරුවන් ප‍්‍රදර්ශන කුටි හාරසියයක් පමණ ඉදිරිපත් කර තිබිණි.

කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් එම ව්‍යාපාර සමූහයට අයත් ආයතන පහක් සිය නිෂ්පාදනයන් ජනතාවට ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණි. අයිඩියල් ඉන්ඩස්ට‍්‍රිස් ප‍්‍රයිවට් ලිමිටඞ්, අයිඩියල් මොඩිකොන් ඉංජිනියරින්, මහින්ද්‍ර අයිඩියල් ලංකා, අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් වෘත්තීය පුහුණු ඒකකය යන ආයතන මෙලෙස එම ප‍්‍රදර්ශනය නියෝජනය කරන ලදී.

ඒ අනුව මෙම ප‍්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණි ජනතාව දේශීය කොටස් සියයට තිහකට වැඩි අගයක් එකතු කර මෙරටදී එකලස් කරන මහින්ද්‍ර KUV100NXT පෙට‍්‍රල් හා ඞීසල් රථය මහින්ද්‍ර Bolero City Pik-Up රථ සඳහා මෙරටදී නිපදවන අමතර කොටස් නිෂ්පාදනය ඇතුළු එම රථ නිෂ්පාදන ක‍්‍රියාවලිය දැක ගැනීමේ අවස්ථාව සලසා තිබීම විශේෂත්වයක් විය. එමෙන්ම අයිඩියල් මෝටර්ස් මෙරට ආරක්ෂක අංශ වෙත විශේෂයෙන් සැලසුම් කරන ලද රථයක් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව මෙරට දී නිෂ්පාදනය කරන ලද (ඉදිරියේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත) විද්‍යුත් බලයෙන් ක‍්‍රියා කරන රථයක්ද ප‍්‍රදර්ශනයට එක් කර තිබුණි.

අයිඩියල් ඉන්ඩස්ටී‍්‍රස් ප‍්‍රයිවට් ලිමිටඞ් යටතේ මහින්ද්‍ර ණඹඪ100 භඞඔ පෙට‍්‍රල් හා ඞීසල් රථ, මහින්ද්‍ර Bolero City Pik-Up රථ සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව මෙරට දී නිෂ්පාදනය කරනු ලබන ආසන පද්ධතිය නිෂ්පාදනය කරනු ලබන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අයිඩියල් මොඩිකොන් ඉංජිනියරින් යටතේ ඉහත සඳහන් රථ සඳහා අවශ්‍ය සයිලන්සර් පද්ධතිය, පෙට‍්‍රල් හා ඞීසල් ටැංකි, Bolero City Pik-Up රථ සඳහා භාණ්ඩ ප‍්‍රවාහනයට අවශ්‍ය වන තට්ටුව (බඳ) නිෂ්පාදනය සිදු කරන ආකාරය, වැලිපැන්නේ පිහිටි මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම මගින් එම රථ එකලස් කරන ආකාරය දැක බලා ගැනීම සඳහා ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව මහත් උනන්දුවක් දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment