කරාපිටියේ රැපිඞ් ඇන්ටිජන් හා පී.සී.ආර්. වෛද්‍යවරුන්ටම කරන්න වෙයි

131

හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රැුපිඞ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍යවරුන්ටම සිදුකිරීමට සිදුව ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක ජයවික‍්‍රම මහතා පවසයි.

හෙද හෙදියන් විසින් රැපිඞ් හා ඇන්ටිජන් පරීක්ෂණ කිරීමේ කටයුතුවලින් ඉවත්වීම නිසා දැනට මාස කිහිපයක සිට මෙම කටයුතු වෛද්‍යවරුන්ට කිරීමට සිදුවී ඇති බවද ඒමහතා පවසයි. මෙම තත්වය නිසා වෛද්‍යවරුන්ට අසාධ්‍ය රෝගියකු සඳහා ප‍්‍රතිකාර කිරීම සඳහා යොදගත හැකි කාලය හා මානව සම්පත අපතේ යන බවද වෛද්‍ය අසංක ජයවික‍්‍රම මහතා පවසයි. දිනකට රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණ යෙදවිය යුතු බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා කටයුතු සඳහා යෙදවිය හැකි මානව සම්පත අපතේ යන බවද හෙතෙම පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක ජයවික‍්‍රම මහතා මෙසේද කිවේය.

‘රැුපිඞ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණ හෙද හෙදියන්ගේ රාජකාරි ලැයිස්තුවට අයිති දෙයක්. වෘත්තිය ක‍්‍රියාමාර්ගයක් නිසා හෙද හෙදින් මේ කටයුතු සිදුකරන්නේ නැහැ. දිනකට කරාපිටිය රෝහලේ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් හා පී.සී.ආර්. පරීක්ෂණ 75ක් පමණ සිදුකරණවා. රෝගින්ගෙන් රැුපිඞ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල්  ලබාගැනීම, ලේබල් කිරීම පවා සිදුකිරීමට වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ට.

මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා සදහා වෛද්‍යවරුන් යොදාගැනීමටත් අපහසුවෙලා තියෙනවා. දැනට කරාපිටිය රෝහලේ වෛද්‍යවරු 08 දෙනෙකු පමණ කොවිඞ් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. එක් වෛද්‍යවරයකු අසාධ්‍ය තත්වයෙන් ප‍්‍රථිකාර ලබනවා. දිනපතා රෝහල් කාර්ය මණ්ඩලයේ තුන් හතර දෙනෙකු කොවිඞ් වෛරසය ආසාදනය වෙනවා.’’

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment