කරාපිටියේ වකුගඩු බද්ධ සැත්කම් මාසයක් තිස්සේ නතර වෙලා

76

සැත්කමෙන් පසු දෙන ඖෂධ 3 ක් නෑ

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් දැනට මාසයක පමණ සිට තාවකාලිකව නතර වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.

මේ පිළිබඳව අප කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 03ක පමණ හිඟයක් පවතින බවයි. මෙම ඖෂධ ඉතා මිල අධික බවද මේ නිසා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටී. දැනට ඖෂධ සුළු ප්‍රමාණයක් ලැබී ඇති බවත් එය ප්‍රමාණවත් නොවන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.

වකුගඩු බද්ධ සැත්කම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් පැමිණෙන අතර මෙම තත්ත්වය නිසා ඔවුහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් මේ වනවිට කරාපිටිය රෝහල තුළ වකුගඩු බද්ධ සැත්කම් 150කට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment