කරාපිටිය රෝහලේ 112ක් පොසිටිව්

294

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඞ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

අගොස්තු මස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි මෙකි රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.

කොවිඞ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්යමණ්ඩලයේ අය අතර වෛද්‍යවරු 09 දෙනෙකු හා හෙද හෙදියන් 45 දෙනෙකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment