කරුට ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය පිරිනැමීමට කැබිනට් එකඟතාව

113

දේශබන්දු කරු ජයසූරිය මහතා රට වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කරමින් ඒ මහතා වෙත ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාව ලබාදී තිබේ.

රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරන ශ්‍රී ලාංකිකයන්ට හෝ ලාංකිකයන් නොවන පුද්ගලයන්ට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වසරේ සිට ආරම්භ වූ අතර එම සම්මානය මෙවර නිදහස් දිනයට පෙර දින (පෙබරවාරි 03 වැනිදා ) කරු ජයසූරිය මහතාට පිරිනැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන යන වැඩපිළිවෙළට මෙසේ ඇමැති මණ්ඩල සහයෝගය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවේදී යම් පුද්ගලයකුට පිරිනැමෙන ඉහළම සම්මානය මෙය වන අතර දේශබන්දු කරු ජයසූරිය මහතා මෙරට පාර්ලිමේන්තුවේ සිට හිටපු කථානායකවරයකු මෙන්ම ඇමැතිධුර ගණනාවක් දරමින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද වේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment