කරුණු 15 කියන්න ශ‍්‍රිලනිපය හෙට ජනපති හමුවෙයි – දයාසිරි ජයසේකර

150

රටේ අනාගතය යහපත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කළයුතු කරුණු 15 කින් යුත් ශ‍්‍රීලනිප යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට (08 දා) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කරන බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ ට ඊයේ  (06 දා) පැවසීය.

මෙම අවස්ථාවට ශ‍්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා සමඟ රටේ අනාගතය යහපත් කිරීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලිය ගැන වැඩිදුරටත් සාකච්ඡුා කරන බවත්, මේ ආකාරයෙන්ම රට හරි මඟට යන මැයෙන් පක්ෂ 11 කින් යුත් කණ්ඩායම ජනාධිපතිවරයාට ලබාදුන් යෝජනාවලියේ දී පිරිසකට පිටතට යෑමට සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment