කරෙයිනගර් ප‍්‍රාදේශීය සභා සභාපති කොවිඩ් නිසා මරුට

39

යාපනය කරෙයිනගර් ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්. කේතිස්වරන් මහතා කොරෝනා රෝගයට බිලි වීමෙන් යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

සභාපතිවරයාට කොරෝනා රෝගය වැළදී සුවය ලැබීමෙන් පසුව නිවෙසට පැමිණ සිටියදී යළි අසනීප වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. මියයන විට 61 වැනි වියේ පසු වූ යාපනය කරෙයිනගර් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආදාහන කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී සිදු කෙරුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment