කලබලවලට සම්බන්ධ  398 ක් අල්ලයි – දාහක් හඳුනාගෙන:  බොහෝ අය හැංගිලා

166

ඉකුත් 09 වැනිදා රට පුරා සිදුවූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 398 දෙනකු ඊයේ (16 දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ අතර මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් දහසකට අධික පිරිසක් මේ වන විට හඳුනාගෙන සිටින අතර එම පුද්ගලයන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ බොහෝ දෙනකු මේ වන විට සැඟවී සිටින බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අතර ඔවුන් සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ස්ථාන මට්ටමින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ඉකුත් 09 වැනිදා සිදුවූ මෙම කලහකාරී සිදුවීම්වලින් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්‍ෂයට පත්වූ අතර 400 කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment