කලහකාරී සිද්ධීන්වලට අල්ලන තරුණයන් රැඳවුම් මධ්‍යස්ථානවලට යවන්න – ආවේගශීලිව ක්‍රියාකළත් ඔවුහු අපරාධකරුවෝ නොවේ

431

කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

මෑතකදී ඇති වූ කලබලකාරී සිද්ධීන් මත අත්අඩංගුවට ගන්නා තරුණයන් හා පුද්ගලයන් අපරාධකරුවන් නොව, ආවේගශීලීව ක්‍රියාවන්හි නිරත වූ අය නිසා ඔවුන් බන්ධනාගාර ගත කිරීම්වලට ලක් නොකොට රැඳවුම් ඒකක හෝ මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඒවාට යොමු කරන ලෙස සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති හා මිතුරු මිතුරෝ අධ්‍යක්‍ෂ කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් පෙන්වා දෙති.

සාමාන්‍ය අපරාධ සිද්ධිවල උදවියට සමාන ලෙස ඔවුන් බන්ධනාගාර ගත කිරීම්වලට ලක්වීම ජීවිත නාස්ති කිරීමක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා අය ‘වර්ගීකරණය’ කර යම් ක්‍රියාමාර්ගයකට යොමුකිරීම වඩා මානුෂික ක්‍රියාමාර්ගයක් වනු ඇති බව ද බෝධානන්ද හිමියෝ පවසති.

බන්ධනාගාරගත කළවිට විවිධ අපරාධකරුවන්ගේ ඇසුරට වැටීම නිසා ද තවත් ඔවුන් නොමඟ යැවීම සිදුවිය හැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

ඕපනායක ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment