කල්තොට රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් ඇසෙන දුක්බර කතාව…. රෝගීන් පනහකට ප‍්‍රතිකාර කිරීමට සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් හා හෙදියන් පස්දෙනෙක්….

225

බණ්ඩාරගම හල්තොට ප‍්‍රාදේශීය රෝහලේ කොවිඞ් වාට්ටුව තුළ ඉඩකඩ සීමිත වීම නිසා එම රෝහලේ කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද දැඩි අපහසුතාවන්ට මුහුණපා සිටින බව හල්තොට ප‍්‍රාදේශීය රෝහලේ ආයතන භාර නිලධාරි වෛද්‍ය ඬේමියන් ද සිල්වා මහතා පවසයි.

 මේ වනවිට රෝහලේ කොවිඞ් වාට්ටුව තුළ රෝගීන් 50 කට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලබමින් සිටිය ද ඒ සියල්ලන්ටම ප‍්‍රතිකාර කිරීමට සිටින්නේ වෛද්‍යවරුන් තිදෙනකු හා හෙද හෙදියන් පස්දෙනකු පමණක් නිසා රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට විවිධ ගැටලූවලට මුහුණපෑමට සිදුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 නමුත් පවතින වසංත තත්ත්වය හමුවේ අඩු පහසුකම් යටතේ වුව ද හැකි උපරිමයෙන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට තම කාර්ය මණ්ඩලය කටයුතු කරන බව පැවසූ වෛද්‍යවරයා,

 ‘‘දැන් මේ කොවිඞ් වසංගතය අපි හැමෝම අසරණ කරලා ඉවරයි. සමහරු ප‍්‍රතිකාර ගන්න එනවා. තමන්ගේ බිරිඳ දරුවන් ගෙදර තනි කරලා. තවත් පිරිසක් ප‍්‍රතිකාර ලබමින් සිටිද්දීම මිය යනවා.’’

කොරෝනා කියන්නේ සෙල්ලමක් නෙමෙයි… රෝගියෙක්

 ‘‘දරුවෝ තනි වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ළඟම හිතවතා ඥාතියා මියගියා කියලවත් නොදන්න පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ රෝගයේ දරුණු බව තේරුම් අරගෙන පරිස්සමින් කටයුතු කරන්න කියලා’’

 මේ සම්බන්ධයෙන් හල්තොට ප‍්‍රාදේශීය රෝහලේ හෙද නිලධාරිනියක් ද අදහස් දැක්වූවාය

 ‘‘දැන් මේ රෝහලේ කොවිඞ් වාට්ටුවේ ඉඩ නෑ. ඇඳන්වල වගේම බිමත් රෝගීන් ඉන්නවා. අපි හය හතර දෙනෙක් මේ සේරම බලන්න ඕනෑ. ඒක අපහසුයි. හැබැයි අපේ රාජකාරිය අපි උපරිමයෙන්ම කරනවා. ඒ වුණත් මිනිස්සු මේ රෝගය ගැන තවම තේරුම් අරන් නෑ. රෝහලට ප‍්‍රතිකාර ගන්න එන අය පවා අපි දැක්කොත් මාස්ක් එක දාගන්නවා. නැත්නම් ගණන් ගන්නේ නෑ. අපි ජනතාවගෙන් වැඳලා ඉල්ලන්නේ මේ ලෙඬේ හදාගන්න එපා. අපිටත් දැන් මහන්සියි. ඒ වගේම ජනතාවටත් ජීවිත අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.’’

 රෝහලේ කොවිඞ් වාට්ටුවේ ඉඩකඩ හා කාර්ය මණ්ඩලය සීමිත වුව ද ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සියල්ලටම රෝහල් කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් සේවය කරන බව ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටි කොවිඞ් ආසාදිත තරුණයකු පැවසීය.

 ‘‘කොරෝනා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේ රෝගය හැදිලා රෝහලට එද්දි මට හිතුනා ගෙදරම මැරුණා නම් හොඳයි කියලා. මම බිමත් හිටියා. කොහොම වුණත් මේ කාර්ය මණ්ඩලය, වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ. ඒ උත්තමයන්ට බුදු බව අත්වෙනවා මේ කරන කැප කිරීමට.’’

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment