කල්පනාගේත් මගේත් සමානකම් තියෙනවා… – මධුෂාණි වික‍්‍රමසිංහ

475

ඇය මධුෂාණි වික‍්‍රමසිංහ. මේ දිනවල රිදී තිරයේ දිගහැරෙන මොනාලිසා හි කල්පනා ඇයයි. වේදිකාව මතින් කලාවට පා තබන මධුෂාණි ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දස්කම් දක්වන්නට සමත් වෙලා. ‘එදත් දිනුම් අදත් දිනුම්.” ‘හිතුමතේ ජීවිතේ.” ‘කතුරු මිතුරු. සහ ‘ආදරෙයි ජානු. වැනි සිනමා නිර්මාණ හරහා ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට නියමිත ඇය මීවිත සමග මේ විදිහට පිළිසඳරක යෙදුනා.

ඔබ කලා ක්‍ෂේත‍්‍රයට පිවිසෙන්නෙ?

මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ පාඨමාලාව හදාරලා තියෙනව. කලාවට පිවිසීමේ මූලික අඩිතාලම වැටෙන්නෙත් වේදිකාවෙන්. මේ දිනවල සරත් කොතලාවල මහත්මයාගේ ‘පාරාවෝ සටන් වදී. නාට්‍යයට සහ හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙනවා.

මොනාලිසා හි කල්පනා ට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

කියන්න සතුටුයි” මේ වන විට පේ‍්‍රක්‍ෂකයන් විශාල පිරිසක් චිත‍්‍රපටය නරඹලා තියෙනවා. ඒ හරහා ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් කියන්නෙ මේ චිත‍්‍රපටය හරහා ඔවුන්ට වෙනස් විදිහේ අත්දැකීමක් ලැබුණා කියල.

කල්පනාගේත් මගේත් සමානකම් තියෙනවා... - මධුෂාණි වික‍්‍රමසිංහ



කල්පනා මොන වගේ චරිතයක්ද?

මේක ඇත්තටම සාමාන්‍ය ගැහැනියකගේ චරිතයක්. හදිසි කෝපයත් එක්ක ඉක්කමන් තීරණ ගන්න කෙනෙක් හැටියට හඳුන්වන්නත් පුළුවන්. නමුත් ආදරේදී හරිම සංවේදියි. ඇතැම් තැන්වලදි ආවේගශීලියි” සංවේදියි” ආදරණීයයි. මේ වගේ හැඟීම්” ස්වභාවයන් විවිධ වූ අවස්ථා චරිතය පුරාවට තියෙනවා. පිටපත අධ්‍යයනයෙන් මේ චරිතයේ ලක්‍ෂණ මට සමීප කරගන්න ටික කාලයක් ගියා. අවසානයේ මට දැනෙනව මම ඒ චරිතයට සාධාරණයක් කළා කියල.

මධුෂාණිගේ සහ කල්පනාගේ ගති ලක්‍ෂණ සමානද?

කල්පනා කියන්නෙ මධුෂාණිට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. නමුත් ආදරේ කරද්දි ගැහැනු ළමයි හැමෝම එක වගේනෙ. එහෙම බලද්දි කාන්තාවකට සමාන ගති ලක්‍ෂණ කල්පනාට වගේම මටත් තියෙනව. කල්පනා කියන්නෙ අනුරාධපුරයේ ඉඳන් කොළඹට නර්තනය වෙනුවෙන් එන කෙනෙක්. ඒ වගේම මමත් ගමක ඉඳන් නර්තනය නිසා කොළඹට එන කෙනෙක්. එහෙම බලනකොට අපි දෙන්නගේ පොඩි පොඩි සමානකම් තියෙනව.

ඔබේ ර`ගපෑම් තිරයට එන්නෙ කාලෙකට පස්සෙ?

කොවිඩි වසංගතය නිසා පසුගිය අවුරුදු දෙක තුළම මම රංගනයෙන් දායක වුණ චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය වුණේ නැහැ. ඒ නිසා කාලෙකට පස්සෙ තමයි මේ නිර්මාණය එළියට එන්නෙ.

ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා?

ටෙලි නාට්‍යවලට තමයි මට වැඩිපුරම ආරාධනා එන්නෙ. නමුත් ඒවායේ ආදරයෙන් වැළඳගන්න පුළුවන් මට සමීප චරිතයක් තවම ලැබුණෙ නැහැ. එහෙම එකක් ලැබුණොත් අනිවාර්යයෙන් භාර ගන්නවා.

කල්පනාගේත් මගේත් සමානකම් තියෙනවා... - මධුෂාණි වික‍්‍රමසිංහ



සිනමාවට කොටු වෙනකොට ලැබෙන ජනප‍්‍රියත්වය අඩු වෙනව?

ඔව් එහෙම දෙයක් තියෙනව. ලාංකීය සිනමාව තුළ පේ‍්‍රක්‍ෂකාගාරය ටිකක් අඩු මට්ටමක තියෙන්නෙ. එහෙම වෙනකොට ලැබෙන ජනප‍්‍රියත්වය අඩුවෙනව. නමුත් ජනප‍්‍රියත්වයට වඩා ආත්ම තෘප්තිය ගැන තමයි මම හිතන්නෙ.

ඔබ වෘත්තීයමය රංගන ශිල්පිණියක්?

ඔව්” මම වෘත්තීයමය රංගන ශිල්පිණියක් කියන්නත් පුළුවන්. නමුත් මගේ ප‍්‍රධාන වෘත්තිය වෙන්නෙ මනාලියන් හැඩගැන්වීම. ඒ වෙනුවෙන් මහරගම ප‍්‍රදේශයේ මගේම ආයතනයක්  පවත්වාගෙන යනවා. මේ නිසා තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙන්න පුළුවන් නිදහස මට තියෙනව.

අලූත් නිර්මාණ?

මොනාලිසා තිරගත වීමත් එක්ක තවත් සිනමා නිර්මාණ තුනකට මට ආරාධනා ලැබිල තියෙනව. ඉදිරියේදී ඒවායේ රූගතකිරීම් වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබේවි. ඒ වගේම ‘එදත් දිනුම් අදත් දිනුම්.” ‘හිතුමතේ ජීවිතේ.” ‘කතුරු මිතුරු. සහ ‘ආදරෙයි ජානු. යන චිත‍්‍රපට හතර ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

රඟපෑමට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද?

මුල් කාලයේ නම් ගෙදරින් කැමති වුණේ නැහැ. නමුත් මම දැන් වැඩ කරන පිළිවෙළත් එක්ක අවශ්‍ය නිදහස මට ලැබිල තියෙනව.

නිරූපණයෙන් ඈත්වෙලාද?

නිරූපණයෙන් ඈත් වෙලා නැහැ. නමුත් තෝරා බේරාගෙන තමයි ඒ කටයුතු කරන්නෙ. මොකද ලංකාවේ නිරූපණ ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරන්න ඕන බොහොම පරිස්සමින්. අනෙක ඒක මම කරන්නෙ විනෝදාංශයක් හැටියට.

නිරූපණය කළේ රඟපෑමට පාර කපා ගන්නද?

නැහැ. මම රඟපෑමට පාර හදාගන්න තමයි රංගනය පිළිබඳ පාඨමාලාව හැදෑරුවේ. නමුත් ඊට කලින් ඉඳන්ම නිරූපණයට සම්බන්ධ වෙලා හිටියා. මම විශ්වාස කරන හැටියට නිරූපණයෙන් රඟපෑමට අවස්ථාව උදා වෙන්නෙ නැහැ. නමුත් සමහර අය රංගනය ගැන බලාපොරොත්තුවෙන් එක එක විදිහේ ෆොටෝ ෂුට් කරනව. මම නම් හිතන්නෙ රඟපාන්න නම් ඒ ගැන හදාරන්න ඕන කියල. එහෙම නැතිව කැමරාව ඉදිරියේ වගේම පේ‍්‍රක්‍ෂකයා ඉදිරියේ සජීවීව හෝ එහෙම නැති වුණත් අදාළ චරිතයේ ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

රඟපෑමට සීමා මායිම් තියෙනවද?

ඔව්. මම තවම අවිවාහක තරුණියක්. ඒ වගේම මගේ ගෙදර පසුබිමත් එක්ක රඟපෑමේදී සීමාවන් තියෙනව.

ආදර යෝජනාත් එනවා?

මට ක්‍ෂේත‍්‍රයේ අයගෙන්  නම් ආදර යෝජනා එනව අඩුයි. බාහිර අයගෙන් තමයි බොහෝ දුරට එහෙම යෝජනා එන්නෙ. ඒ කොහොම වුණත් මම ආදරය ගැන දැන්ම හිතන්නෙ නැහැ.

රූපලාවන්‍ය ශිල්පිණියක් වෙන්න හිතුවෙ?

ඒක හරිම නිදහස් රැකියාවක්. මගේ ආයතනයේ දැනට කෙරෙන්නෙ මනාලියන් හැඩගැන්වීම විතරයි. අපි ගම්වලින් කොළඹට ආපු අය. මේ ගමන තුළ අපිට ජීවත් වෙන්න වටපිටාව හදාගන්න එක කලා ක්‍ෂේත‍්‍රය තුළ කරන්න අමාරුයි. වෙඩින් ඉන්ඩස්ටි‍්‍රය ඒකට හොඳ තෝතැන්නක් කියල මම හිතනව. ඒ වගේම එතනදි විවිධ මිනිසුන් හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනව.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment