කල් දැමුණු පාපන්දු සුපර් ලීගය යළි ඇරැඹේ…

118

කොවිඞ් 19 වෛරස අවදානම හේතුවෙන් කල් දමන්නට යෙදුණු ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 15 වැනි තරගය වන නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සහ ඩිෆෙන්ඩර්ස් අතර හමුව අද (29) ප:ව:03.30 ට කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

ඒත් සමගම ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි අදියර තරග දෙසැම්බර් මස 05 දින සිට ක‍්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ක‍්‍රියාත්මක කෙරෙන ඉදිරි තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී මෙන්ම කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුර`ග පිටියේදී හා කුරුණෑගල මාලිගාපිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

පසුගිය අපේ‍්‍රල් මස දෙවන සතියේ දී ආරම්භ කෙරුණු සුපර් ලීග් පාපන්දු තරගාවලිය අගෝස්තු මස අවසන් කිරීමට සැලසුම් කර තිබුණද ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවන වටයට දකුණු කොරියාව බලා පිටත්ව යෑම සහ දකුණු ආසියාතික පාපන්දු ශූරතාව ස`දහා මාලදිවයින බලා පිටත්ව යෑම මෙන්ම ශ‍්‍රී ලංකාවේ දී ක‍්‍රියාත්මක කරන ලද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන ආරාධිත ජාත්‍යන්තර සිව් කොන් පාපන්දු තරගාවලිය හේතුවෙන් මෙම තරග කල් දමන්නට සංවිධායකයන් හට සිදු විය.

ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තය නිමාවන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට ‘‘සී හෝක්ස් පාපන්දු සමාජය’’ සමත් විය. ඒ තමන් මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම ජය ගනිමිනි.

සී හෝක්ස් පිල ප‍්‍රසාද ලකුණු 09 ක් හිමි කර ගනිමින් මුල් ස්ථානයේ පසුවන අතරවාරයේ එහි දෙවැනි ස්ථානය පානදුර රෙඞ් ස්ටාර්ස් පිලට හිමි වී තිබේ. ඔවුන් හිමිකර ගෙන ඇති ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය 07 කි.

කළුතර බ්ලූස්ටාර්ස් සමාජය සහ කොළඹ පාපන්දු සමාජය ලකුණු 06 බැගින් ලබාගෙන ඇති අතර එකදු ජයග‍්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජයට හැකි වී නොමැත. ඒ ඔවුන් මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම පරාජයට පත් වීම හේතුවෙනි. අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල ලකුණු 04 ක් හිමිවන අතරවාරයේ ඩිෆෙන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය සහ කොළඹ රත්නම් ක‍්‍රීඩා සමාජය ලබාගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 බැගිනි.

රිනවුන් පිලට සහ බ්ලූ ඊගල්ස් පිලට හිමිවී ඇති ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය 01 කි.

ඩිෆෙන්ඩර්ස් සහ අප් කන්ටි‍්‍ර ලයන්ස් යන දෙපිල පමණක් තරග 02 කට සහභාගි වී ඇති අතර සෙසු කණ්ඩායම් මුහුණ දුන් තරග සංඛ්‍යාව 03 බැගිනි.

ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකු හට කොවිඞ් – 19 රෝග ලක්ෂණ ඉස්මතු වීම අප් කන්ටි‍්‍ර ලයන්ස් සමග තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණු හේතුව විය.

තරග 45 කින් සැදුම්ලත් වන මෙවර තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් ඒ සඳහා පිරිනැමෙන සුපර් ලීග් අභියෝග කුසලානය සහ මිලියන 05 ක ත්‍යාග මුදලට හිමිකම් කීම උදෙසා තරග වදින ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment