කල් පනින්න ළඟ පිළිකා එන්නත් ගෙන්වන්න නිලධාරියෙක් වලි කයි

146

ලබන නොවැම්බර් මාසයේ දී කල් ඉකුත්වීමට නියමිත පිළිකා එන්නත් වයල් 1000ක් ගෙන්වීමට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබෙන සමාගමකට එම අවස්ථාව ලබාදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් වලිකන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිලිවලට අනුව ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇත. මෙකී සමාගම මීට පෙරාතුව ජලය මිශ්‍ර කර පිළිකා එන්නත් ලබාදීමේ සිද්ධියකට සම්බන්ධ චෝදනාවට ලක්වූවකි.

2013 වසරේදී මහරගම අපේක්‍ෂා රෝහලේ ලියුකේමියා රෝගී දරුවන්ට ‘ඔක් ක්‍රැස්බර්’ නමැති එන්නතක ඖෂධ ඉවත් කර ජලය ඇතුළත් කර රෝගීන්ට ලබාදීමේ සිද්ධියකට අදාළව චෝදනා ලබා ඇති මෙකී සමාගම මෙවර කල් ඉකුත් වීමට නියමිත එන්නත් තොගය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත්තේ වෙනත් සමාගමක නමිනි.

මෙකී අසාදු ලේඛනගත කළ සමාගම 2018 වසරේදී ලබාදුන් ඖෂධය ගත් දරුවන් කිහිපදෙනකු මියගිය බවටත් සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන වසරක කාලයක් සිරගතව සිට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment