කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් Thank God චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්

108

Thank God චිත්‍රපටය පසුගිය 25 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළා. එය දීපාවලි දිනය අවසානයේදී සිනමා ශාලා වෙත නිකුත් කිරීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාව කලඹමින් සිටින්නේ එහි හින්දි පරිවර්තන ගීතය නිකුත්ව ඇති නිසාය. හින්දියෙන් මෙන්ම මැණිකේ ගීතයේ සිංහල කොටසකුත් එයට ඇතුළත් වීම මෙරට සිංහලයන්ට ආශ්වාදජනක වී ඇත. ‘රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා’ සිංහල පද මෙහි අඩංගුවේ.

කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් Thank God චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්

ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹූ Thank God චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය 25 වැනිදා කොළඹ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී ද පැවැත්විණි. එම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගි වූහ. එහි විශේෂත්වය වූයේ මැණිකේ මගේ ගීතය ගායනා කළ මුල් හිමිකරු වන සතීෂාන් රත්නායක, සංගීත අධ්‍යක්‍ෂණය සිදුකළ චමත් සංගීත් වගේම පද රචක දුලාන් ඒ.ආර්.එක්ස් ද මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියහ.

ඡායාරූප – ඉරාජ් වලිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment