කලාකරුවොත් පාරට බසිති

197

වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් ඊයේ (04දා) දියත උයන ඉදිරිපිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ෂැංගීලා හෝටලය ඉදිරිපිටදී කලාකරුවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

රජයෙන් හොරා කෑ මුදල් යළි ලබාදිය යුතු බවත් ඒවා යළි ලබාගැනීම සඳහා අදාළ දේශපාලන නායකයන් රට තුළ රඳවා ගත යුතු බවත් මෙහිදී එම කලාකරුවෝ අවධාරණය කළහ.

කලාකරුවොත් පාරට බසිති

පවතින අර්බුදය විසඳීම ඔළුගෙඩි මාරු කළ පමණින් වෙනස් නොවන බවද එනිසාම පවතින යාන්ත‍්‍රණයේ වෙනසක් අවශ්‍ය බවද මෙහිදී කලාකරුවෝ කියා සිටියහ.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කලාකරුවන් පිරිසක් උදව් උපකාර කළ බවද ඔවුනට මේ මොහොතේ හිරිහැර නොකළ යුතු බවද කලාකරුවෝ මෙහිදී පැවසූහ. ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ එම කලාකරුවන්් තමන්ට වැරදුණු බව අවබෝධ කරගත යුතු බවද ඉදිරියේදී රට නිවැරැුදි තැනට පත් කිරීමේ ගමනට ඔවුනට ද එක්විය හැකි බවද මෙම උද්ඝෝෂණයට එක්වූ කලාකරුවෝ කියා සිටියහ.

ප‍්‍රවීණ නිළියක වන දමිතා අබේරත්න ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර එහිදී ඇය කියා සිටියේ ජනතා පරමාධිපත්‍ය නිසා බලයට පැමිණි ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යටම ගරු කර යළි ගෙදර යා යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනපි‍්‍රය නිළි සමනලී ෆොන්සේකා සඳහන් කළේ අර්බුදයේ ගේ දොරකඩටම පැමිණ ඇති නිසා රජය තවත් ජනතාවට දුක් නොදී ගෙදර යා යුතු බවයි. ජනතාව අපා දුක් විඳිද්දී පාලකයන් සුර සැප විඳින තත්ත්වයට පත්ව ඇති බව ඇය මෙහිදී සඳහන් කළාය.

ජනපි‍්‍රය ගායකයකු වන ෂෙහාන් මිහිරංග ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔහු අවධාරණය කළේ ආණ්ඩුවේ දේපළ සොරා කෑ අයට දඬුවම් දිය යුතු බවත් ඒ සඳහා ඔවුන් මෙරට අනිවාර්යයෙන්ම රඳවාගත යුතු බවයි. මෙම උද්ඝෝෂණවලට ශානිකා වනිගසේකර, පේෂල මනෝජ් ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment