කලාත්මක ගීතය හඳුනාගත් යතිවරයාණෝ

329

අපේ පල්ලේගම හේමරතන නාහිමියෝ අර්ථකාව්‍ය රචනාවක් ලෙස හැඳින්විය හැකි අද්‍යතන කලාත්මක ගීතයේ අභිවෘද්ධියට මහඟු මඟ පෙන්වීමක් කළ වියතාණන් කෙනෙකි. ගීත රචනයේ ප‍්‍රශස්ත නිපුණත්වයක් උන්වහන්සේගේ නිර්මාණ තුළින් ප‍්‍රකට කෙරේ.

 කලාත්මක ගීතය අර්ථකාව්‍ය ප‍්‍රබන්ධයකි. අර්ථකාව්‍යයක පැවතිය යුතු සමබර භාවික ගුණය පිළිබඳව ගැඹුරු අවබෝධයක් උන්වහන්සේ තුළ පවතී. දශක හතරක පමණ කාල මානයකදී උන්වහන්සේ කළ අත්හදා බැලීම් හා පර්යේෂණ කි‍්‍රයාවලිය ගැඹුරු විශ්ලේෂණයකට හා විචාරණයට ලක්විය යුත්තකි. මගේ ප‍්‍රයත්නය වන්නේ උන්වහන්සේගේ ස්වාධීනත්වය හා රීතිය තුළින් මතුවන කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීමයි.

 භාෂාව හා සංකල්ප රූප සම්මිශ‍්‍රණ වූ වචන අතර රඳවන විරාමය (යතිය අතික‍්‍රමණය කරන වින්දනය* නිහඬතාවයේ ශබ්දය, :ීදමබා දෙ ීසකැබජැ* දාර්ශනික කවිතාව මෙහිදී මුඛ්‍ය වශයෙන් සාකච්ඡුා කෙරෙන තේමාවන්ය.

 ගීත රචනයේදී සිතෙහි ඇති වන සංඥා මාත‍්‍රය වැඩි දියුණු කර ගැනීමේදී සම්මිශ‍්‍රණ කාර්යය ඉතා වැදගත් වෙයි. හොඳ ගීතයක් නිර්මාණය කිරීමේදී මෙය මට්ටම් කීපයකදී සිදුවෙයි. එක් අංගයක් වන්නේ චිත්ත රූප සම්මිශ‍්‍රණය (මනසින් උපදවනු ලබන රූප) මනෝ රූප භාෂාව සමඟ සංකලනය වී වර්ධනය වූ විට අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීම වේ. සංකල්ප රූප හා භාෂාත්මක සංකලනය ඉතා ශූර ලෙස කිරීමට අප හිමියෝ සමත් වෙති. වසර හතළිහක් තුළ කළ ගීත නිර්මාණ කෙරෙහි සාවධානව විමසිලිමත් වීමේදී මෙය පසක් කරගත හැකිය. භාෂාත්මක සම්මිශ‍්‍රණයේදී සම්භාව්‍ය සාහිත්‍යය ස්මෘතියත් නුවරකලාවියේ ජන කවියේ ජීව ශක්තියත් යථා යෝග්‍ය පරිදි බද්ධ වී ඇත.

 ගීත ආකෘති ගැන සැලකිලිමත් වීමේදී වචන අතර රඳවන විරාමය වචනය අවධාරණය කරන්නක් වන අතර, සංගීතඥයාට තනුව නිර්මාණයේදී යා හැකි දුරක් ඉදිරියට යෑමට ඉඩකඩ සලසයි.

 සඳමඬල වී ගුවනේ         දිළෙයි
 සඳ සිහිල වී හදවත         රැඳෙයි
 දුර ඈත සිටියත් පාවී පාවී අවුත්
 මද සුළඟ සේ ගත සිත වෙළයි

 පළබරව සෙවන සදනා
 තුඟු රුකකි නුඹ විසල්
 ඒ මියුරු පළ රස විඳිනා
 පින නැතත් සිත තුටින් පිරීයයි
 සසර හමුවන පැතුම්
 හිත දරාගෙන හිඳිමි

 අද අහිමි වෙන දේ යළි
 හෙට දෙපා මුල රැඳෙයි
 මේ නොවෙ ද ජීවිතේ
 හිත නිවන සිතුවිල්ල එයම වේ

 පුරාවිද්‍යාව හා එහිම කොටසක් වූ පුරාක්ෂර විද්‍යාව තම ශාස්ත‍්‍රවේදී උපාධිය සඳහා හදාරා ඇති නාහිමියන්ගේ මනෝමය පරිකල්පනය සඳහා ද එය ආනුභාව පා ඇති බවත් පෙනී යයි. ඉදිරිපත් කරන අදහසේ සංක්ෂිප්ත ඡුායාවක් පමණක් මතුකර නිහඬ වීම උන්වහන්සේගේ ලේඛන ශෛලියේ විශේෂත්වයක් ලෙස පෙනී යයි. සිංහල ශිලා ලේඛන බිහිවුණු මුල් අවධියේ ලෙන් ලිපිවල දක්නට ලැබුණු ප‍්‍රකාශන විධික‍්‍රමයක් ලෙස මෙය සැලකිල්ලට ගත හැකිය. මෙම ලෙන් ලිපි ලක්ෂණය නාහිමියන් නිර්මාණය කළ ගීත ආකෘතිවල ද තැන්පත්ව ඇත.

 පරුමක දත කධිත පරුමක බගිනිය නදිකශ
 කය පරුමකලූ ශමණය ලෙණෙ
 අගත අනගත චතුදිශ ශගශ දිනෙ

 නිහඬ භාවයේ ශබ්දය – වියතුන්ගේ පර්යේෂණයන්ට බඳුන් වී ඇති විෂය පථයකි. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ හෘද රෝග පිළිබඳ මහාචාර්ය පීටර් කොහින් – Peter Cohen නිහඬභාවයේ ශබ්දය Sound of Silence පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කර ඇත. විරාමයකින් පසුව එන නිහඬභාවය මනුෂ්‍ය සන්තානයට යහපතක් වන බව නිගමනය වී ඇත. මෙම නිශ්ශබ්දතාව භාව සමනයට ප‍්‍රබල හේතුවක් වේ. නොකියා ඉඳීමෙන් අරුතක් මතු වේ. ජපන් හයිකු කවිවල මෙම ලක්ෂණය දක්නට ඇත. හයිකු කවිවල පාද තුනක් (පේළි තුනක්) ඇති අතර, හතරවන පාදය නිහඬව තබා ඇත. එය නිශ්ශබ්දතාවේ දෝංකාරයක් නැඟීමට ඉඩකඩක් සැලසීමක් ලෙස සැලකේ.

 අපේ ජනගීවලදී ගායනය අතරමඟ නැවතීමක් තබයි. ඒ නිහඬතාවේ මනෝමය සංගීතටය ඉඩහැරීමකි. (චින්තාවලියේ සංගීතයට) තීව‍්‍ර වූ භාවයක් සමනයට මෙම නිහඬ විරාමය හේතු වේ. නිහඬතාවයේ විරාමය (නිහඬතාවයේ දෝංකාරය* ශිල්ප ක‍්‍රමයක් වශයෙන් නාහිමියන් ප‍්‍රගුණ කර තිබේ.

 ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයෝ පහත සඳහන් ගීත ඛණ්ඩයෙන් පවසන්නේ කනට නොදැනෙන මේ නිශ්ශබ්දතාවයම බව කිව හැකිය.

 සිලිලාරෙක හෙල්මැලී
 පෙති අතරින් සැලි සැලී
 කනට නොයෙන සිතට දැනෙන
 සිලි සිලියක පැටලිලා

 2007 වසරේ දෙවරක් ඉරානය බලා යෑමට මට අවස්ථාව ලැබුණි. මෙම චාරිකාවේදී ඉරාන ලේඛනාගාරයේ හා ජාතික පුස්තකාලයේදී ඉරානයේ පද්‍ය කාව්‍ය කලාව ගැන ලද අවබෝධය ඉතා වැදගත් වේ. පුස්තකාලයේ සේවයේ නියුතුව සිටි කාන්තාවන් දෙදෙනා ඇතුළු සේවකයන් සිව්දෙනා යමක් පහදා දීමට කුලූපගව සැදී පැහැදී සිටියහ.

 මා ඔවුන්ගෙන් විමසූ පළමු ප‍්‍රශ්නය වූයේ අපේ රටේ ද ප‍්‍රචලිත රුබයියාට් ලියූ ඔමර් ඛයියාම් කවියා ගැනය. ඔහු ගැන තොරතුරු රාශියක් ඉදිරිපත් කළ මෙම සේවක පිරිස එහෙ මෙහෙ දුව පැන යමින් ඔමර් ඛයියාම්ගේ අත් අකුරු හා රුබයියාට් ග‍්‍රන්ථය පවා ගෙනවිත් ඔමර්ගේ කවිතාව ගැන ද තුලනාත්මක විශ්ලේෂණයක් කිරීමට සමත් වූහ.

 පද්‍ය කාව්‍ය කලාව ගැන මගේ තිබූ උනන්දුව දැනගත් සේවක පිරිස පහුවදා මා පුස්තකාලයට ගිය විට ඉරාන කවීන් බොහෝ දෙනෙකුගේ අත් අකුරු මෙන්ම ඔවුන්ගේ පද්‍ය කාව්‍ය කලාවේ කැපී පෙනෙන ලක්ෂණ ගැන ද පහදා දුන්නේ නොපැකිළිවමය. ඔවුන් සියලූ දෙනාම වියතුන් බව ද පැහැදිලි විය. මෙහිදී සේවනය කිරීමට ලැබුණ සෑම කවියෙක්ම කිසියම් දාර්ශනික කවිතාවක් ප‍්‍රකට කළ කවීන් බව නිර්මාණ තුළින්ම පසක් කරගතිමි.

 අබුල් කාසිම් ප්‍රෙඩෝසි (Ablchasm Ferdowsi), ගේසාර් අමින්පූර් (Gheisar Aminpaue),, හාෆිස්  (Hafiz), ප්‍රෙඩොසි :(Ferdowsi), යන කවීන් මේ අතර විය. ඉරාන ලේඛනාගාරයේදී එම කවීන් ගැන මට හැදෑරීමට අවස්ථාව ලැබුණි. දාර්ශනික කවිතාව හැම කවියෙකුගේම නිර්මාණ තුළින් මතු වූ නමුදු එකිනෙකාට වෙනස් වූ දාර්ශනික සංකල්ප ඔවුහු මතු කරති.

 ෆර්සි බසින් ලියා තිබූ ඔමර් ඛයියාම්ගේ කවි අරාබි ලෝකයේ ජනපි‍්‍රයව සිටි ඔම් කල්සුම් (Om Kathoum) ගායිකාව අරාබි භාෂාවට නගා ගායනා කර තිබේ. (ඊජිප්තුවේ ගායිකාවකි)

 ඉරානයේ මෙන් දාර්ශනික කවිතාව කලාත්මක ගීතයට උචිත බව කිව යුත්තකි. ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ හා මඩවල ඇස්. රත්නායකගේ නිර්මාණ තුළ මෙය දක්නට ඇත.

 නාහිමියන්ගේ ගීත සියුම් නිරීක්ෂණයට ලක්කිරීමේදී කාවේ‍යා්ක්තිවලින් ධ්වනිතාර්ථ රාශියක් මතුවන අතර, එමගින් දාර්ශනික සංකල්ප ද ප‍්‍රබල ලෙස ඉස්මතු වෙයි.

 සඳට තනි අයිතිය නැතී
 සඳ සිහිල කාටත් හිමි වෙතී
 ආදරේ විතරක් ඒ වගේ
 විඳගන්න බැරි ඇයි ජීවිතේ

 මලට තනි අයිතිය නැතී
 මල් සුවඳ කාටත් හිමි වෙතී
 ආදරේ විතරක් ඒ වගේ
 විඳගන්න බැරි ඇයි ජීවිතේ

 ගඟට තනි අයිතිය නැතී
 දිය දහර කාටත් හිමි වෙතී
 ආදරේ විතරක් ඒ වගේ
 විඳගන්න බැරි ඇයි ජීවිතේ

 නාහිමියන්ගේ දාර්ශනික කවිතාව කෙරෙහි ආනුභාව පාන්නේ ධම්මපදය හා ථෙර ථෙරී ගාථාවලින් පැන නඟින වින්දනය හා නිර්මල බෞද්ධ රීතිය බව විද්‍යමානය. බොහෝවිට වචනවලින් ප‍්‍රකාශිත අර්ථ සැඟවී පවතී.

 අතීත සිහිනයක් ගීතය මෙයට කදිම උදාහරණයකි.

 මෙම ගීතය තුළ විවිධ කාව්‍ය චින්තාවන් වෙන් වෙන්ව මුක්තක කාව්‍ය සේ (මුක්තක දාමයක් සේ) එකට බැඳී පවතී.

 අතීතය සිහිනයක් පමණයි
 සැබෑ සුවඳක් නෑ
 එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
 මෙදා වියෝවක් නෑ

 තැනූ මන්දිර බිඳී වැටුණත්
 නෙතේ කඳුළක් නෑ
 සිනාවෙන්නට වරම් නොලදත්
 හිතේ කිළුටක් නෑ

 සොබා දහමට නොවන අවනත
 ලොවේ කිසිවක් නෑ
 ලොවේ පැරදුම මිසක කිසිදා
 ලැබූ දිනුමක් නෑ

 හේමරතන හිමියන් ලියූ මෙවැනි ගීත ප‍්‍රඥාවන්තයාට අටලෝ දහම ගැන මෙනෙහි කිරීමට අනුබලයක් වෙයි.

 අපේ හාමුදුරුවන්ගේ හැම ගීතයක්ම මට මහ බෝ මළුවෙන් හා සඳපහන් රාති‍්‍රයේ මහ සෑ සලපතළ මළුවෙන් ඇසෙන පිරිතක සජ්ඣායනාවක් සේ මිහිරිය. ශාන්තය. අර්ථාන්විතය.

 * සුනිල් සරත් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment