කලාපීය සම්මන්ත‍්‍රණවලදී ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ සිදුකරන විනාශය සාකච්ඡා කළ යුතුයි

96

අමැති ඩග්ලස් දේවානන්දා

සිංගප්පූරුවේ මානුෂීය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් 26 වැනිදා ධීවර අමාත්‍යාංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනයට අදාළ කරුණු කෙරෙහි සාකච්ඡාවක නිරත විය.

මෙම හමුවේ අරමුණ වූයේ බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පවතින ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් අටක සහභාගිත්වයෙන්, එළඹෙන පෙබරවාරි මස 14, 15 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිත සමුළුව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමටය.

තවද මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්‍ෂණය උපයෝගි කර ගන්නා ආකාරය පිළිබඳව ධීවරයන් පුහුණු කිරීමට හා රට වටා පවතින නැංගුරම්පළ හා තොටුපළවල් සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම කෙරෙහි සිංගප්පූරු රජයේ ආධාර අපේක්‍ෂා කරන බවද පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල්වල පවතින ගැටලූ පිළිබඳ සාකච්ඡාවට අමතරව මෙරට මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන් විසින් සිදුකරන ධීවර සම්පත් විනාශය පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් එහිදී කලාපීය රටවල්වල අවධානයට ලක් කිරීම වැදගත් කරුණක් බවද පැවසීය. එයට අමතරව ජල ජීවී වගා අංශයේ උපරිම තාක්‍ෂණයක් භාවිත කරන වියට්නාමය වැනි රටවල තාක්‍ෂණය හුවමාරු කරගනිමින් පාරම්පරික ධීවරයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කිරීම සඳහා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment