කලාවට වගේම මිචෙල්ගේ ඉදිරි කාලය පරිසරය සුරැකීමට

262

මිචෙල් දිල්හාරා තවමත් බොහෝ දෙනෙක් හඳුනාගන්නේ දක්ෂතාපූර්ණ රංගන ශිල්පනියක ලෙසින්. නමුත් ඉන් ඔබ්බට ඇය අන්තර්ජාතික පරිසර සංවිධානයක් වන  Earth day  (අර්ත් ඬේ) නෙට්වර්ක් සංවිධානයේ මෙරට තානාපතිනියයි. ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ, අනිල් කපූර්, ජුහි ච්ව්ලා වැනි සුපිරි කලා තරු ගෝලීය උෂ්ණත්වය අවම කරගැනීම වෙනුවෙන් කි‍්‍රයාකරන විට එම සංවිධානය වෙනුවෙන් මෙරටදී එම යුතුකම ඉටුකිරීමේ නායකත්වය පැවරී තිබෙන්නෙ මිචෙල් දිල්හාරාට. එවැනි වගකීම් සහිත කාර්යයක නිරත ව සිටියද ඇය ජුලි මාසයේ සිට නවතම ටෙලි නාට්‍ය දෙකක් ඔස්සේ ඔබ හමුවීමට නියමිතයි.
 
 මිචෙල් , ඉදිරිය බොහොම සුබයි වගේ… ඔබේ රංගනයන් වැඩිපුර දැකිය හැකි කාලයක් නේද එන්නේ…
 
 ඔව්… දැනටත් මම ඉන්න මැටි කඩොලූ නාට්‍ය විකාශය වෙනවා. ඒ අතර ලබන මාසයේ මුල් සතියේ ඉඳල පෝක් වීදිය සහ සකුණ පියාපත් කියන නාට්‍ය දෙක 7.30 ට සහ 8.30 ට අයි. ටී. එන්. නාලිකාවේ විකාශය වෙන්න පටන්ගන්නවා.
 
 පෝක් වීදීය කියන්නේ හරි අමුතු නමක්. එම නිර්මාණයේ ඔබේ චරිතයේ හැඩය මොන වගේද
 
 මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ එක එක පවුල් ඒකකවල තියෙන සමාජ මට්ටම හා ඔවුන්ගේ ආර්ථිකයත් එක්ක ජීවත්වීමට ගෙනයන අරගලය. මේ නාට්‍යයේ සංකල්පය ගොඩනැගිල තියෙන්නෙ මෑතකදි ප‍්‍රචලිත වුණ ස්ටී‍්‍රට් ෆූඞ් කියන සංකල්පයත් එක්ක. මම මෙතනදි නිරූපණය කරන්නෙ සාමාන්‍ය ආර්ථික පසුබිමක් තිබුණු ඒත් වෙඩින් එක ඉහළින් ගන්න ණය වෙලා, ඒ නිසා පැමිණෙන අර්බුදවලට මුහුණ දෙන අලූත විවාහක කාන්තාවකගේ චරිතයකට. ඒ චරිතයේ නම චෙනුගි.
 
 මිචෙල්, ඔබ පරිසරය සුරැකීම වෙනුවෙන් ක‍්‍රියාකාරිනියක්. අපේ සමුද්‍රීය පරිසරය දූෂණය වීමේ ලොකු අනතුරක් දැන් අප හමුවට පැමිණ තිබෙනවා. මේ ගැන ඔබ හ`ඩක් නගන්නෙ නැද්ද
 
 ඇත්තෙන්ම මම මොනවා හෝ ඒ සම්බන්ධව කියනවා නම් සාක්ෂි දත්ත ඇතිවයි කතා කළ යුත්තෙ. ගිලී ගිය නැව නිසා සිදුව ඇති දේ ගැන තාමත් පරීක්ෂණ කෙරෙනවා. ඒ නිසා හරියට නිගමනයක් හෝ දත්ත නැතිව මම ඒ ගැන හ`ඩක් නගන එක හරි නෑ.
 Earth day පරිසර සංවිධානයේ තානාපතිනිය ලෙස ඔබව තෝරගන්න ඔවුන් මොනවගේ කරුණුද බලන්න ඇත්තෙ.
 
 ලෝකයේ තියෙන ලොකුම ප‍්‍රශ්නය ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ අර්බුදය. එයාල බැලූවේ ඒ වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ කියල. අපි ඒ ගැන කතා කරල තියනවද. ව්‍යාපෘති කරල තියනවද. ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරිද සහ ඒ හ`ඩ කොයි තරම් පිරිසකට සන්නිවේදනය වෙනවද කියන එක. අන්න ඒ වගේ දේවල් බලල තමයි මාව ඒ සඳහා තෝරාගත්තෙ.
 
 ටෙලිනාට්‍යවල වැඩත් එක්ක මේ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්ද
 
 ඔව්. ලබන මාසයේදී පොදු ටෙලිනාට්‍යයේ ඊළඟ රූගතකිරීම් සිදුවෙනවා. ඒ සඳහා කාලය වෙන්කරගෙන ඉන්නෙ. ඒත් එක්කම මම පහුගිය කාලේ විශ්වවිද්‍යාල එක්ක ගෝලීය උණුසුම  අඩුකරගැනීමට පැළ සිටුවීමේ ව්‍යාපෘති කිහිපයක් කළා. මම උත්සහ කරන්නෙ රංගනයට කාලය වෙන් කරනවා වගේම මේ රට භාරගන්න ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් ළමයි එක්ක පරිසරය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපෘතිවලට කාලය වෙන්කරන්න. මොකද වාහනවලින් වායුගෝලයට එක්වෙන කාබන් ඩයොක්සයිඞ් වැනි වායු නිසා වායුගෝලය දූෂණයෙන් වසරකට මිලියන හතක් මිනිසුන් මිය යනවා. ඒක කොරෝනාවලින් මැරෙන ගාණටත් වඩා වැඩියි. ඒ නිසා වසර සීයකට වඩා පැරණි තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කළ වාහනවල ඉන්ටනල් කම්බයින් එන්ජින්වලින් සිදුවන හානිය අපේ මතු පරපුරට පෙන්වාදීමයි මගේ ඉලක්කය. එතකොට ඔවුන් මේ රටේ පරිසර හිතකාමි අලූත් තාක්ෂණයක් සඳහා හිත යොමු කරයි.
 
 තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment