කලින් කළ ප‍්‍රකාශය ‘රිවස්’ අදටත් හෙටත් ලයිට් කපයි

217

මාර්තු 05 වැනිදා (සෙනසුරාදා) සිට විදුලිය සැපයුම අඛණ්ඩවම සිදුකරන බවට රජය කලින් ප‍්‍රකාශයට පත් කළත් අද (05 වැනිදා) සහ හෙට ඉරිදා (06 වැනිදා) සති අන්තයේ විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද P Q R S T U V W යන කලාපවලට පැය 4 ක කාලයක් විදුලිය කපා හැරෙන බව එම මණ්ඩලය කියයි.

ඒ අනුව උදෑසන 8.30 සිට පස්වරු 5.30 අතර කාලයේදී පැය 3 ක කාලයක්ද සවස 6.00 සිට රාත‍්‍රි 10.00 දක්වා පැයක් වශයෙන් විදුලිය කැපෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

එමෙන්ම E F යන කලාපවලට පැය 7 ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඒ අනුව එම කලාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක කාලයක්ද සවස 4.30 සිට රාත‍්‍රී 10.30 දක්වා පැය 3 ක කාලයක් විදුලිය කැපීම සිදුවන බව එම මණ්ඩලය කියයි.

එමෙන්ම හෙට ඉරිදා (06 වැනිදා) පැය දෙකයි විනාඩි තිහක කාලයක් උදේ 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුළ A B C යන කලාප තුනට විදුලිය කැපෙන බවද එම මණ්ඩලය පවසයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment