කලුගමුවේ දෙමහල් නිවසක තනිව විසූ දෙදරු පියා නිවස තුළම මරා දමලා – සැක පිට බිරිඳගේ අනියම් සැමියා අත්අඩංගුවට

678

ගම්පොළ දොළුව හරහා මහනුවර මාර්ගයේ කලු‍ගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ඝාතනය කරන ලදැයි සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි රසික සංජීව හෙට්ටිආරච්චි නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි. මොහුගේ බිරිඳ වෙනත් පුරුෂයකු සමඟ ගොස් ඇති අතර මෙම පුද්ගලයා නිවසේ තනිව වාසය කර ඇත. බිරිඳගේ අනියම් සැමියා මොහු සමග ආරවුලක් තිබු බව පොලිසිය පවසයි.

වේලා සටහන්කරුවකු ලෙස සේවය කරන මොහු රාත්‍රී නිවසට පැමිණි පසු මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි

මෙහිදී පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අනියම් සැමියාගේ නිවස ඇති පිහිබියාහේන ප්‍රදේශයේ දී සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ඉනේ ගසාගෙන සඟවා සිටි පිහියක්ද සොයා ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයට මහනුවර අංක 2 අතිරේක මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යවන ලෙස නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් හට පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතා ඒ සඳහා දැඩි ලෙස බාධා කරමින් එම ස්ථානයෙන් ඔවුන්ට පිටව යන ලෙස දන්වනු ලැබීය. මාධ්‍යවේදීන් මහෙස්ත්‍රාත්වරයා සමඟ එය ආවරණය කිරීමට කටයුතු කරමින් සිටියදී මෙසේ බාධා කිරීම පිළිබඳව ඔවුන් ඒ පිළිබඳව පේරාදෙණිය බාර පොලිස් අධිකාරි සම්පත් වික්‍රමරත්න මහතාට ද පැමිණිලි කරනු ලැබීය.
ගම්පොළ- සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment