කවඩියාට අකමැති වුණාම කට්ටිය දොස් කියනවා – ගීතිකා ගැන ප‍්‍රවීණා කියයි

1798

නාඩගම්කාරයෝ ටෙලිනිර්මාණයත් සමග ආදරයෙන් එකතු වුණු පේ‍්‍රක්‍ෂකයන් ගීතිකාගේ සහ කවඩියාගේ ආදර කතාව විසඳෙන්නේ කොහොමද කියලා උනන්දුවෙන් බලන් හිටියා. නමුත් පසුගිය දවසක කවුරුත් නොසිතුව ලෙසින් ගීතිකා කවිඩියාගේ ආදරය ප‍්‍රතික්‍ෂෙප කළා. කවඩියා ගේ ආදරය ප‍්‍රතික්‍ෂේප කළ නිසා පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ගීතිකාට බැනුම් අහන්න සිදුවුණ අවස්ථාත් තිබුණා කියලා මතක් කරමින් ගීතිකාගේ චරිතයට පණ පොවන ප‍්‍රවීණා දිසානායක මීවිතත් සමග පිළිසඳරට එකතු වුණා.


 * ගීතිකා කවඩියාගේ ආදරේ ප‍්‍රතික්‍ෂේප කළේ ඇයි කියලා පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රවීණාගෙන් අහන්නේ නැද්ද?

 ගොඩක් දෙනෙක් මගෙන් ඒ ගැන අහනවා. සමහර පේ‍්‍රක්‍ෂකයන් දොස් කියන අවස්ථාත් තිබෙනවා. ඒවායෙන් තේරෙන්නේ නාඩගම්කාරයෝ කතාව වගේම ගීතිකා ගේ චරිතය පේ‍්‍රක්‍ෂකයන්ට ගොඩක් සමීප වෙලා කියන එකයි. මම මේ චරිතය උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. කවඩියාගේ ආදරය ප‍්‍රතික්‍ෂේප කළත් ඉදිරියේදී අපි නොසිතන විදිහට පැත්තකට මේ කතාව හැරෙන්නත් පුළුවන්. ඒක ගැන තවම අපිට කියන්න බෑ කතාව කොයි විදිහට ගලාගෙන යනවද කියන එක. සද්ධාමංගල සර් තීරණය කරාවි.

කවඩියාට අකමැති වුණාම කට්ටිය දොස් කියනවා - ගීතිකා ගැන ප‍්‍රවීණා කියයි

 * ප‍්‍රවීණාගේ පළමුවෙනි රංගන අත්දැකීම නාඩගම්කාරයෝ එක්ක බෙදා ගන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?

 නාඩගම්කාරයෝ තමයි මාව නිළියක් බවට පත්කළේ. රඟපාන්න එන්න මගේ අදහසක් තිබුණේ නෑ. පළමුවැනි රංගන අත්දැකීම නාඩගම්කාරයෝ වීම ගැන සතුටක් තියෙනවා. ඒක මේ කතාව අපට හොඳින් දැනෙන සිදුවීම් එකතු කරලා කරපු නිර්මාණයක්. ගැමි පරිසරයත් එක්ක ගොතල තියෙන නාඩඩගම්කරයෝ කතාවට මම පුද්ගලිකවත් ගොඩක් කැමැතියි. කතාවට වගේම ගීතිකාගේ චරිතයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 * රඟපාන්න බලාපොරොත්තුවක් නොතිබුණු ඔබ රංගනයට ප‍්‍රවේශ වුණේ කොහොමද?

 මම රංගනයට ප‍්‍රවේශ වීම අහම්බයෙන් සිදුවුණු දෙයක්. පොඩි කාලේ ඉඳලම මම නර්තනයට කැමැති කෙනෙක්. ඒත් නිළියක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මට

 නාඩගම්කාරයෝ එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ සංගීත් ප‍්‍රභූ අයියා. මේ අවස්ථාවේ මම සංගීත් අයියට ස්තුතිවන්ත වෙනවා.

 * දැන් ප‍්‍රවීණා ඉන්ටර්නැෂනල් දෙවෙනි කොටසටත් සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

 ඉන්ටර්නැෂනල් කියලා කියනනේ වෙනස් විදිහක කතාවක්. විනෝදයට බර ඒ වුණාට වටිනා පණිවිඩයක් සමාජයට දෙන කතාවක්. මම ඒ කතාවේ ඉංගී‍්‍රසි ගුරුවරියකගේ චරිතය තමයි කරන්නේ. ඒක වෙනස් විදිහ විනෝදජනක අත්දැකීමක්.

 * ප‍්‍රවීණා රඟපාන්න ලැබෙන චරිත භාර ගන්නේ තෝරා බේරාගෙනද?

 එහෙම තෝරා බේරා ගැනීමක් සිදුකරන්නේ නෑ. ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. ඒත් මම කැමැතියි වෙනස් චරිත භාර ගන්න. එතකොට මට රංගනය ගැන තවත් අත්දැකීම් ලබා ගන්න පුළුවන්.

 * රංගනයට ආරාධනා ලැබීමත් එක්ක නර්තනය අමතක කරලාද?

 මම පාසල් කාලයේ සිටම නර්තනය හැදෑරුවා. නර්තන කටයුතු නතර කරලා නැහැ.

 නාඩගම්කාරයෝ එකෙන් මට ලැබෙන්නේ නර්තනයත් සමග කටයුතු කරන චරිතයක්. ඒ නිසා මට මගේ අත්දැකීම් චරිතයේ සාර්ථකත්වයට යොදා ගන්න පුළුවන් වුණා.

 * සමහරු කියනවා රංගනයට අලූතෙන් එකතු වෙන පිරිසට ප‍්‍රවීණයන් අවස්ථාව දෙන්න කැමැති නැහැ කියලා. ප‍්‍රවීණාටත් ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණාද?

 නාඩගම්කාරයෝ නාට්‍යයේ ප‍්‍රවීණයන් වගේම නවකයිනුත් රඟපානවා. මට නම් කිසිම

 අවස්ථාවක ප‍්‍රවීණයන්ගෙන් කැපිලි කෙටිලි සිදුවෙලා නෑ. ඉන්ටර්නැෂනල්වලදීත් එහෙමයි. හැම දෙනෙක්ම මගේ චරිතය සාර්ථකව කරගන්න මට උදව් කළා. නාඩගම්කාරයෝ නිෂ්පාදක චාමර සමරවික‍්‍රම මහත්මයා, සද්ධා මංගල සර්, ශිවගුරුනාදන් සර් වගේම නාඩගම්කාරයෝ කණ්ඩායමත්, ඉන්ටර්නැෂනල් කණ්ඩායමත් මට ලබා දුන්න සහයෝගය අගය කළ යුතුයි. මම ආධුනිකයෙක් වුණත් කිසිම අවස්ථාවක මාව නොසලකා හැරලා නෑ.

කවඩියාට අකමැති වුණාම කට්ටිය දොස් කියනවා - ගීතිකා ගැන ප‍්‍රවීණා කියයි



 * ප‍්‍රවීණාට මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණේ නැද්ද?

 මම මුලින්ම ශෂිකා නිසංසලා අක්කගේ චන්ද්‍රා පායන්න ගීතයේ මියුසික් වීඩියෝ එකේ රඟපෑවා. ඒකට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. තවත් ගීතයක වීඩියෝ එකක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා.

 උසස් අධ්‍යාපනය ලබන ගමන් රඟපාන එක අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නෙමෙයිද?

 මම දැනට පෞද්ගලික විශ්වවිiාලයක සමාජ විiාව පිළිබඳව උපාධිය හදාරනවා. ඒ අතරතුර තමයි රඟපෑම් කටයුතු කරගෙන යන්නේ. රඟපෑමත් අධ්‍යාපන කටයුතුත් පටලගන්නේ නැතුව සමබරව කරගෙන යන්න හැම වෙලේම උත්සාහ ගන්නවා.

 * අධ්‍යාපන කටයුතුවලින් පස්සේ වෘත්තීමය රංගන ශිල්පිනියක් වීමද ඔබේ බලාපොරොත්තුව?

 රඟපෑමත් එක්ක දිගට ම රැුඳිලා ඉන්න කැමැතියි. ඒ වගේම රඟපෑම ගැන තවත් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවලූත් හදාගෙන මේ ක්‍ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment