කල්පිතයත් සැබෑවත් අතර පැමිණෙන… ලන්ස්ලොට් කුමාරයා

148

ස්නේහය හා ආදරය යනු සියල්ල ජය ගන්නා ප්‍රබල මිනිස් ගුණාංගයෝය. කල්පිතයත් සැබෑවත් අතර ජීවමාන කරන ලද ‘ලන්ස්ලොට්. පීඩිතයන්ගේ ගැලවුම්කරුවා වශයෙන් ප්‍රොසීනියම් වේදිකාව තුළ අප අභිමුඛ වූ අපූරු චරිතයකි.

තුන් කල් දැක්මෙන් විශ්මකර්මයන් කළ හැකි ලොව ප්‍රකට කලාකරුවන් අතර හෙන්රි ජයසේන” ධර්මසිරි බණ්ඩාරනායක” සහ ජයලත් මනෝරත්න යන නම් අභිමානවත් දැක්මකින් මෙම ‘ලන්ස්ලොට්. චරිතය ‘මකරා.” ‘මකරාක්ෂයා. යන නාට්‍ය නිර්මාණ තුළින් ප්‍රොසීනියම් වේදිකාව තුළ රූපණය කළේ අප කිසිවෙකුත් තවදුරටත් මකරුන්ගේ ග්‍රහණය තුළ නොසිටිය යුතුය යන්න අපටම නැවත නැවත මතක්කර දීමටය.

කල්පිතයත් සැබෑවත් අතර පැමිණෙන... ලන්ස්ලොට් කුමාරයා

ප්‍රොසීනියම් වේදිකාවෙන් පදික වේදිකාවට පය තියෙන ලෝකයේ සියලුම ‘ලන්ස්ලොට්. කුමාරවරුන් කියා සිටින්නේ…

කෲර සතුන්” කෲර මිනිසුන්” දාමරිකයින් සහ අපව පීඩාවට පත්කරන සෑම දුෂ්ඨ පාලකයෙක්ම” ඇතුළතින් බියපත් දුර්වල ගති ඇති සත්ත්වයෝය. උන්ගේ බියගුලුකම හා දුර්වල බලලෝභී කම වසා ගැනීමට උන් කුරිරුකම් කරමින් අප සියල්ලෝම පීඩනයට පත් කරති. උන්ගේ කෲරකම් වලින් හා දුර්වලත්වයෙන් පමණක් නොව උන්ගේ බියගුළු කම් වලින් ද ‘අප. උන්ව මුදවාගත යුතුය. එසේ බැරිනම් අහිංසක ඔබ සියලු දෙනාම උන්ගෙන් මුදවා ගත යුතුය.

ජයලත් මනෝරත්න ශූරීන් නිෂ්පාදනය කළ ‘මකරා. නාට්ටියේ ‘ලන්ස්ලොට්. ගේ චරිතය නිරූපණය කළ ජගත් චමිල වන මා හට එම චරිතය තුළින් කියැවුණු සෑම දෙබසකටම පවරවාගත් වගකීමක් ඇත. ඉතින් සබඳ ‘ලන්ස්ලොට් කුමරාණෙනි. ඔබේ සේවය සදාතනිකයි අප සියල්ලන්ටම…

ලන්ස්ලොට් : මගේ සහෝදර සහෝදරියනි” ඔබ හැමෝටම මම ආදරෙයි. නැත්නම් මොනවට ද මම මේ තරම් ඔබ වෙනුවෙන් වෙහෙසෙන්නේ. මගේ ආදරය හා ආරක්ෂාව ඔබ පිළිගන්නවා නම් හැම දෙයක්ම හරි යනවා. ඒ ගැන සැක කරන්ඩ එපා. හැම හදවතක ම සැඟවී සිටින ‘මකරුන්. විනාශ කළාට පසුව අපට පුළුවන් ප්‍රීතියෙන්” කිව නොහැකි තරම් ප්‍රීතියකින් ජීවත් වෙන්න…

ජගත් චමිල

advertistmentadvertistment
advertistmentadvertistment