කවුද මේ  අලූත් සෙට් එක

2216

මිනිසා හා තිරිසනා අතර වෙනස්කම් රැුසක් පවතී. එසේම සමානකම් ද හතරක් පවතී. කුසගින්න, භීතිය, සංසර්ගය සහ නින්ද යන හතරේ දී ම තිරිසනාත් මනුෂ්‍යයාත් එක සමාන ලෙස හැසිරෙති. මිනිසුන් සහ තිරිසන් සතුන් අතර වෙනස හොයාගෙන එයට ශාස්ත‍්‍රීය අර්ථ කථනයක් දී එම අර්ථ කථනය විශ්වවිද්‍යාලවල උගන්වා ගාණක් කපාගත හැකි නිසා මෙයට අවුරුදු හාරසීයකට පමණ පෙර මානව විද්‍යාව බිහි වූ බව අපට නිකමට මෙන් කිව හැක. එසේම මනුෂ්‍යයාගේ හැසිරීම මානව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විග‍්‍රහ කිරීම හරහා පොඩි ආතල් එකක් ද ලැබිය හැකිය. 88, 89, 90 යන අවුරුදුවල දී මේ රටේ පැතිර ගිය භීෂණයට මුහුණ දෙනු පිණිස යුද හමුදාව ඉතා කෲර ප‍්‍රචණ්ඩත්වයක් මුදා හැරියේය. තරුණයන් හා තරුණියන් පැහැරගෙන ගොස් වෙඩි තබා මැරීම සහ බෙලි කපා මැරීම ඒ කාලයේ සිටි ආමි එකට ක‍්‍රීඩාවක් විය. තරුණියන් මරණ ලද්දේ ¥ෂණය කිරීමෙන් පසුව ය. තරුණයන් ගෙන් එවැනි වැඩක් ගැනීමට බැරි නිසා නිකම්ම මරණ ලදී. මේ කියන කාලයේ දී මේ රටේ ජනයා යුද හමුදාවට හෙණ ඉල්ලමින් දේවාල ගානේ ගොස් පොල් ගැසූහ. 2009 මැයි 18 වැනි දා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රභාකරන් මරා තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධය සමාප්ත කළේය. එවිට 88, 89, 90 අවුරුදුවල යුද හමුදාවට හෙණ ඉල්ලූ ජනතාව ම මහ පාරේ කිරි බත් උයා, කැවුම්, කොකිස් බැද, රතිඤ්ඤා පත්තු කර, රබන් ගසා යුද හමුදාවට පිරිත් නූල් බැන්දා හ. මනුෂ්‍යයාගේ මේ ද්විත්ව ආතල් හැසිරීම මානව විද්‍යාව මගින් ඉතා කදිමට විග‍්‍රහ කරනු ලැබේ. ඒ නිසා එය විශ්වවිද්‍යාලවල උගන්වා ගාණක් කපා ගැනීමේ වරදක් නැත.

 2005 දී මේ රටේ බලයට පත්වූ අපරාජිත මහින්ද රාජපක්‍ෂ 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන විසින් පරදවන ලදී. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතරම තම පරාජය තක්සේරු කළ මහින්ද රාජපක්‍ෂ රූපවාහිනියෙන් ජනතාව අමතා කිසිදු ඇඹරීමකින් තොරව තංගල්ලේ පිහිටි සිය නිවසට ගොස් විශ‍්‍රාම ජීවිතයක් පටන් ගත්තේය. එහෙත් මේ රටේ ජනයා ඔහුට විශ‍්‍රාම ගැනීමට ඉඩ දුන්නේ නැත. ඔවුහූ ලංකාවේ සතර දිග්භාගයෙන් බස්වලට නැඟ මහින්ද රාජපක්‍ෂ දැකබලා ගනු පිණිසත් ඔහුගේ අතින් අල්ලනු පිණිසත් ඔහු අත පිහිදු ටිෂූ කැබැලි සිහිවටන ලෙස සාක්කුවේ දමා ගැනීමටත් තංගල්ලේ කාල්ටන් නිවසට ගියහ. මේ වන්දනා ගමන එක දිගට අවුරුද්දක් පමණ පැවැතිණ. එම අවුරුද්ද තුළ දළ වශයෙන් විසි ලක්ෂයක ජනගහනයක් ඔහු නැරඹීමට තංගලූ ගොස් තිබිණ. ඒ කාලයේදී තංගල්ලට එන මහින්ද වන්දනා බස් නවත්වන තැන්වල විශාල කඩමණ්ඩි ඉදිවූ අතර වන්දනාකරුවන්ට බත් සප්ලයි කළ කඩකාරයෝ තට්ටු දෙකේ තුනේ බිල්ඩිං ඉදිකරගෙන ධනවත්තු බවට පත්වූහ. ඉන් අවුරුදු හතකට පසු අද ඒ මිනිස්සු ම කණපිට ගසා සිටිති. පෙරේදා තංගල්ලේ කාල්ටන් නිවස වැටලූ දහස් ගණනක ජනකායක් ඉල්ලා අස්වන ලෙසට මහින්ද රාජපක්‍ෂට බලකරන්නට වූහ. එවැනි ම ජනගහනයක් කොළඹ පිහිටි අගමැති නිල නිවස වටලා පෙර ඉල්ලීම ම කළහ.

 මහින්ද රාජපක්‍ෂට හැමදා ම වැරදුනේ ඔහු නිසා නොව, පවුලේ කට්ටිය නිසා ය. ඔහු මහජන මන්ත‍්‍රී කෙනකු වූ පසු චමල් රාජපක්‍ෂ ට ද එම උවමනාව ම ඇති විය. ඔහු ජනාධිපති වූ පසු ඔහුගේ නෑදෑ පරපුරම දේශපාලනයට පිවිසියහ. 2015 ජනාධිපතිවරණයෙන් පරදින අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ වටකරගෙන සිටි සියලූම දෙනා එක්කෝ ඔහුගේ නෑයෝ වූහ; නො එසේ නම් ඔහුගේ නෑයන්ගේ යහළුවෝ වූහ. එහෙමත් නැත්නම් ඒ යහළුවන්ගේ යහළුවෝ වූහ. ආණ්ඩුවේ ආයතන වැඩිහරියක සිටි ලොක්කෝ කවර හෝ ආකාරයෙන් රාජපක්‍ෂවරුන් සමග ඥාතීත්වයකින් බැඳී සිටියහ. 2015 දී මහින්ද රාජපක්‍ෂ පරදින්නේ ඡුන්ද කොට්ඨාස දෙක තුනක් තරම් ලොකු වූ එකී ඥාති සමූහයා අතර සිටි පල් හොරුන් විසින් කරන ලද වංචා සහ ¥ෂණ නිසා ය. ඞී. ඒ. රාජපක්‍ෂ මහතාට සහ දන්දිනා රාජපක්‍ෂ මහත්මියට සිටිය යුතුව තිබුණේ මහින්ද රාජපක්‍ෂ නමැති එකම එක දරුවා පමණි. එසේ වී නම් මහින්ද රාජපක්‍ෂ අදටත් මේ රටේ ජනාධිපති ය. ජනාධිපති මහින්ද ඥාති සංග‍්‍රහ කරන බවට 2012 දී බරපතළ චෝදනා නැෙඟන්නට විය. බුදුරජාණන් වහන්සේ ද ඥාති සංග‍්‍රහයෙහි ගුණ දෙසා වදාරන ලදැයි කියමින් මෛත‍්‍රීපාල සිරිසේන එවිට මහින්ද රාජපක්‍ෂ නිදහස් කළේය. එහෙත් එම නිදහස් කිරීම නිදොස් කොට නිදහස් කිරීමක් නොවේ. නඩුවක විත්තිකරුවකු හරියට ම clean sheet ඇති කෙනකු වන්නේ නිදොස් කොට නිදහස් කළේ නම් පමණි.

 ඉතිහාසය පුනරුච්චාරණයවන බවට කාල් මාක්ස් කී කතාව නැවත මෙනෙහි කරමු. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිව සිටිය දී ඔහුගේ ග‍්‍රහ චාරය මෙහෙයවනු පිණිස සුමනදාස අබේගුණවර්ධන නමැති කේන්දරකාරයා පැමිණියේය. ගෝඨාභය ජනාධිපති වූ විට පෙර කී රාජකීය දෛවඥ තනතුරට ඥානක්කා පත්විය. මන්තරකාරයන් යනු මේ රටේ නායකයන්ට කෙළවීම සඳහා සංසාරය පුරා ම පතාගෙන එන කට්ටියක් වෙති. ඥානක්කා නො සිටින්නට ගෝඨාභයට ඇති විරෝධයෙන් යම් ප‍්‍රමාණයක් අඩුවීමට තිබුණි. මේ සියලූ දුර්භාග්‍ය තත්ත්වයන් නිසා අද මේ රටේ විපක්‍ෂය බවට පත්ව සිටින්නේ රනිල්, මෛත‍්‍රී, සජිත් හෝ ආර්. සම්බන්ධන් නොව, සාමාන්‍ය ජනතාවය. මේ සාමාන්‍ය ජනතාව අතර මොළය සහ සංයමය ඇති හොඳ එවුන් මෙන්ම මොළය හා සංයමය නැති ගොබ්බයෝ ද සිටිති. ආණ්ඩුව පලවා හැරීම සඳහා මීට දින 3කට පෙර අලූත්ම සෙට් එකක් රට පුරා තැන තැන දක්නට ලැබිණ.  Under-16″ under -18″ under -14 යන වයස් ඛණ්ඩවලට අයත් මේ නව යොවුන් කැළ ඇෙඟ් පච්ච කොටාගෙන කොණ්ඩ ටින්ට් කරගෙන ඉංග‍්‍රීසියෙන් ලියූ අමු තිත්ත කණුහරුප සටන් පාඨ කියූ, බෝඞ් ඔසවා ගෙන මෝලම් පාරවල්වලට නැටූ හ. ලංකාවේ තරුණ පරපුර ඉතා ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව සිටින බව මේ රටේ මහජනතාවට දැකගන්නට හැකිවුණේ ආණ්ඩුවට එරෙහි මේ විරෝධතාවන් නිසා ය. ආණ්ඩු විරෝධය තුළින් මේ රටේ මානව විද්‍යාඥයන්ට හා සමාජ විද්‍යාඥ පර්යේෂණ සහ අර්ථ නිරූපණවලට ඉතා ම හොඳ සමාජ විද්‍යාත්මක මොඩලයක් ලැබී තිබේ. මේ මොඩලය හඳුනාගෙන හරියාකාරව පාලනය කර නොගත්තොත් ඊළඟ ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බහින දිනයේ දී ලංකාව ම යුක්රේනයක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment