කවුරු ජනපති වුණත් රටේ ජනතා හඬට කන් දිය යුතුයි – මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

169

පත්වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් කමක් නැහැ. හැබැයි ජනතාවගේ ගෑස්, ඉන්ධන, හාල්, කිරිපිටි, භූමිතෙල් ඇතුළු ප්‍රශ්න විසඳන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔහු ජනතාවගෛ් හඬට ඇහුම්කන් දිය යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසුවාය.

ඒ වගේම පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් හැම දෙනාම එකතුවෙලා පත්වෙන ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු යැයි ද ඇය කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද කියා සිටියාය.

රටේම ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, හාල්, පරිප්පු, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය දේවල්. කව්රු ජනාධිපති වුණත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ මූලික අවශ්‍යතා ටික සපුරන ජනාධිපතිවරයෙක්. රටේ පත්වන ජනාධිපතිවරයා ආත්මාර්ථකාමී වෙන්න බැහැ. පරාර්ථකාමී වෙන්න ඕන. ඒ නිසා රටේම ජනතාව විඳින දුකින් මුදා ගන්න කව්රුත් කැපවෙමු.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment