කවුරු දිනුවත් හෙට සටන තීරණාත්මකයි

248

හොඳින් ක‍්‍රීඩා කළොත් අපි දිනුම් – වැඩිම කඩුලූලාභිනිය කියයි

කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය ඔස්ටේ‍්‍රලියාව හා එංගලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් හැඞ්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (03 වැනිදා) පැවැත්වෙයි.

මෙතෙක් පැවති කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි 11 කදී එංගලන්තය හත් වතාවක් අවසන් මහා තරගයට වරම් හිමි කර හිමි කර ගෙන ඇති අතර ඉන් අවස්ථා හතරකදී ශූරතාව ජයග‍්‍රහණය කිරීමට එංගලන්තය සමත් වී ඇත. අවසන් වරට පැවැති තරගාවලියේදීද ශූරතාව දිනා ගැනීමට එංගලන්තය සමත් වී තිබේ.

ඔස්ටේ‍්‍රලියාව කාන්තා එක් දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය හය වතාවක් ජයග‍්‍රහණය කර තිබෙන අතර මෙම දෙරටට අමතරව නවසීලන්තය 2000 වසරේ දී ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.

කවුරු දිනුවත් හෙට සටන තීරණාත්මකයි

ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලියේ මූලික වටයේ තරග 7ම ජයග‍්‍රහණය කිරීමට සමත් වූ අතර එංගලන්තය මූලික වටයේ තරග හතෙන් තරග 4ක් පමණක් ජයග‍්‍රහණය කළාය. අවසන් පූර්ව තරග වටයේ දී ඔස්ටේ‍්‍රලියාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 157 කින් ද, එංගලන්තය විසින් දකුණු අප‍්‍රිකාව ලකුණු 137 කින් ද පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ලදි.

තරගාවලියේ වැඩම කඩුලූ ලාභිනිය ලෙස පෙරමුණ ගෙන සිටින එංගලන්ත ක‍්‍රීඩිකා සොපී එක්ලෙස්ටන් අවසන් තරගය පිළිබඳව ප‍්‍රකාශ කරමින් කියා සිටින්නේ ”අවසන් මහා තරගයේදී හොඳින් ක‍්‍රීඩා කළහොත් ඔස්ටේ‍්‍රලියාව පරාජය කිරීම අපහසු නොවන බවයි. එසේ වුවහොත් තමන්ට ශූරතාවය නැවත රැක ගැනීමට හැකි බව ද සොපී පවසා සිටියාය.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී ලකුණු 36කට කඩුලූ හයක් දවාගත් සොපී මේ වන විට දවාගෙන තිබෙන කඩුලූ සංඛ්‍යාව 20කි.

ලකුණු ලබා ගැනීමේ දක්ෂතාවය අනුව දෙවන සහ තුන්වන ස්ථාන දෙකම ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවන් විසින් අත්පත් කරගෙන අතර රචායෙල් හේන්ස් ලකුණු 429ක්ද, මෙග් ලැනින්ග් ලකුණු 384 ද ලබාගෙන තිබේ. එම සටහනේ පෙරමුණේ සිටින්නේ දකුණු අප‍්‍රිකා ක‍්‍රීඩිකා ලෝරා වෝල්වාර්ඞ්ට් ක‍්‍රීඩිකාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment