කසිප්පු – ගංජා වැටලීමට ගිය පොලිසියට ඇබැද්දි දෙකක්

351

එස් අයිට සර්පයෙක් දෂ්ට කරලා
සාජන්ව බල්ලෙක් සපා කාලා

කසිප්පු වැටලීමට ගිය කලවාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියකු සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව කලවාන පොලිසිය කියයි.

කලවාන දෙල්ගොඩ සමෘද්ධි මාවතට නුදුරින් පොසොන් පෝදා නීතිවිරෝධී කසිප්පු ජාවාරමක් සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත කලවාන පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කසිප්පු වැටලීමට එම ස්ථානයට යද්දී එම උප පොලිස් පරීක්‍ෂකවරයා මෙම ඇබැද්දියට මුහුණ පා තිබේ.

උප පොලිස් පරීක්‍ෂක ගුණතිලක මහතා මේ වනවිට සර්ප වෙද මහතකුගෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් වැටලීමට ගිය හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවකු විසින් නිවසේ බල්ලා උසිගැන්වීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි සැරයන්වරයකුගේ කකුල බල්ලා සපා කා තිබේ.

එම ඇසිල්ලෙන් පොලිස් භාරයේ සිටි සැකකරු පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගොස් ඇති අතර එම නිවසේ සිටි තවත් සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment