කසිප්පු වැටලීමෙන් කිපුණු ජාවාරම්කරුවෝ නිවසකට පහර දී දේපල වනසති… නිවැසි තරුණයෙකුත් අතුරුදන්; පැමිණිල්ලක් නෑ – පොලිසිය කියයි

290

කහවත්ත සමරවීර නිරෝෂණ

නිවිතිගල පොලිස් බල ප‍්‍රදේශයේ කිරිබත්ගල වතුයායේ නීති විරෝධී කසිප්පු අලෙවි කිරීම සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත ක`දවුරේ නිලධාරීන්ට ඔත්තුවක් ලබා දුන්නේ යැයි සැකය මත තම නිවෙස කඩා බි`ද විනාශ කර ඇතැයි නිවෙස් හිමි කාන්තාව නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත ක`දවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කසිප්පු මිලිලීටර් 33750 ක් සහ ගෝඩා මිලිලීටර් අට ලක්ෂ විසිපන්දහසක් සැකකරුවන් හත් දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 සිද්ධියෙන් පසු එම ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවෙසට කිසියම් පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර ඇත. නිවෙසට පහරදුන්නේ යැයි කියන පුද්ගලයෙකුට ද එම නිවසේ පියා සහ පුතා විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

 එම පහරදීම සම්බන්ධව අදාළ නිවෙස් හිමියාද අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ පුතා ප‍්‍රදේශයේ නැති බව නිවිතිගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක බාලසූරිය මහතා පැවසීය. කෙසේවෙතත් අතුරුදන් තරුණයාගේ මව පවසන්නේ නිවෙසට ප‍්‍රහාරය එල්ල කිරීමෙන් පසු මැර කණ්ඩායමක් තම පුතා ලූ‍හුබැඳ ඇති බවයි. එම තරුණයා අතුරුදන් වූ බවට ඊයේ 15 වනදා පස්වරුව වනතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව ද නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපතිවරයා පැවසීය.

 ඔත්තුව ලබාදුන් බව කියන අයගේ නිවෙසට සහ එහි තිබූ භාණ්ඩ වලට බරපතළ ලෙස හානි කර තිබේ.

 ඔත්තු දුන්නේ යැයි කියන නිවසේ අය සහ කසිප්පු ජාවාරම්කරුවන් අතර ආරවුලක් තිබූ බවත් පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත ක`දවුරේ නිලධාරියෙකු පැවසුවේ තමන් කළ වැටලීමට කිසිදු තොරතුරක් ප‍්‍රහාරයට ලක්වු නිවැසියන් විසින් ලබා නොදුන් බවයි.

 කසිප්පු ජාවාරම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාද නිවෙසට පහරදීමෙන් පසු ප‍්‍රහාරය එල්ල කළේ යැයි කියන අයෙකුට පහරදුන් නිවෙස් හිමියාද නිවිතිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

 මෙම ප‍්‍රදේශයේ කලක සිට කසිප්පු ජාවාරම් සිදු කෙරෙන බවත් පොලිසිය ඊට නිසි පියවර නොගන්නා නිසා බරපතළ ලෙස කසිප්පුවලට වතුකම්කරුවන් ඇබ්බැහි වී සිටින බවත් ගම්වාසීන් පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment