කහටගස්දිගිලියේ පිරිසක් යකා නටති

598

* 10ක් රිමාන්ඩ්

කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප‍්‍රදේශයේදී මත්කුඩු ග‍්‍රෑම් විසි හතක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුට අත්විලංගු දමා රැුගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කොට පොලිසියේ දෙදෙනකුට මැර ප‍්‍රහාරයක් එල්ලකොට තුවාල සිදු කර සැකකරු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් හය දෙනකු ඇතුළු සැකකරුවන් දස දෙනා මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර  මහෙස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.

මේ අතර සියලූ සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය කහටගස්දිගිලිය පොලිසියට නියෝග කළේය.

හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් කහටගස්දිගිලිය කුරුක්කුරාගම පදිංචි දහඅට හැවිරිදි මොහම්මදු නිලීර් මොහොමඞ් මුජීස්, හතළිස්අට හැවිරිදි හනිපා නසීර්, කහටගස්දිගිලිය රඹෑව වහමල්ගොල්ලෑව ඉකිරිගොල්ලෑවේ තිස් හැවිරිදි අබ්දුල් ලතිප් හලීම්, කහටගස්දිගිලිය කුරුක්කුරාගම හතළිස් එක් හැවිරිදි අහම්මදු මොහොම්මදු නලිර්, කහටගස්දිගිලිය රඹෑව වහමල්ගොල්ලෑව දහසය හැවිරිදි මොහොමඞ් නලිර් පාතිමා මුජිදා, කහටගස්දිගිලිය කුරුක්කුරාගම හතළිස් හැවිරිදි ඊබ‍්‍රාහිම් සාහිබු සුසෙයිමා, හැට අට හැවිරිදි කාසිම් සවුර උම්මා, විසි හැවිරිදි මොහොමඞ් සාහිම් පාතිමා සහානා සහ විසි දෙහැවිරිදි මොහොමඞ් නලිර් පාතිමා මුස්පියා විසි හැවිරිදි නලිර් නපානා පරමින් යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මත්කුඩු සන්තකයේ තබා ගෙන අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සහ සැකකාරියන් විසින් පැහැරගෙන ගිය පළමු සැකකරුද ඒ අතර වේ.

ඔවුන් විසින් එල්ල කළ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ අනුරාධපුර පොලිස් ස්ථානයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඩබ්ලිව්. එම්. ආර්. ජයවර්ධන සහ කොස්තාපල් කේ. පී. කේ. එස්. බණ්ඩාර යන මහත්වරුන් ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ලද තොරතුරක් අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (06දා* සවස 2.30 ට පමණ කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප‍්‍රදේශයට ගොස් එම ප‍්‍රදේශයේ පදිංචි දහඅට හැවිරිදි තරුණයකු හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව එම සැකකරුට අත්විලංගු දමා රැුගෙන යෑම සඳහා පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ පිරිසක් ඔවුන්ගේ රාජකාරියට බාධා කොට මැර ප‍්‍රහාරයක් එල්ල කොට සැකකරු අත්අඩංගුවෙන් මුදා ගෙන පලා ගොස් තිබිණි.

පසුව පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් කළ දැනුම්දීමකට අනුව කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් අත්අඩංගුවෙන් මුදා ගෙන රැුගෙන ගිය සැකකරු ඇතුළු පොලිස් නිලධාරීන්ට මැර ප‍්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දසදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පළිහවඩන සහ අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු
 

advertistmentadvertistment
advertistmentadvertistment