කහවත්තේ පතලකින් කිලෝ 510 ක නිල් මැණිකක් හමුවෙලා

798

කිලෝග‍්‍රෑම් 510 ක් බරැුති කැරට් ලක්‍ෂ විසිපහමාරකින් යුතු ලොව විශාලතම මැණික් ගල මෙරට කහවත්ත, පැල්මඩුල්ලේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරිකයකුට අයත් මැණික් පතලකින් හමුවී තිබේ.
 
 කොරන්ඩම් කුලය හෙවත් සෆායර් නම් පවුලට අයත් සුදු මැලි නිල් පැහැයෙන් යුතු මැණික් වර්ගය ලොව වටිනාම මැණික් වර්ගය වන අතර එය සියයට සියයක්ම ආර්නූල් වර්ගයේ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ‘‘දිවයින’’ට ඊයේ (27 දා* පැවසීය.
 
 ඕවලාකාර හැඩයෙන් යුතු මැණික් පොකුරක් ආකාරයට පිහිටා ඇති මෙම මැණික් ගල කෑලිවලට කපා ඔබ දමනවා වෙනුවට තනි මැණිකක් ලෙස තබා ගැනීම සුදුසු බවද කී සභාපතිවරයා මෙය කෞතුක වස්තුවක් වැනි යැයිද කීය.
 
 මේ වනවිට මෙම වටිනා මැණික සම්බන්ධව බී. බී. සී. නාලිකාව ඔස්සේ ලෝකයේ මැණික් ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කර ඇත.
 
 ඊට අමතරව වෙබ් අඩවි මගින් අද (28* සිට ජාත්‍යන්තර මැණික් වෙළෙඳුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා මේ වන විටත් මැණික සම්බන්ධයෙන් ඇණවුම් කිහිපයක්ම ලැබී ඇතැයිද කීය.
 
 මේ වනවිට ජාතික මැණික් අධිකාරියේ නිලධාරීන් කොළඹ සිට එම ස්ථානයට ගොස් වාර්තාවක් ලබාදී ඇති අතර ඊට අනුව මෙය මෙතෙක් ලෝකයෙන් හමුවූ විශාලතම මැණික බවද සභාපතිවරයා පැවසීය.
 
 ඒ අනුව මෙම වටිනා මැණික අධිකාරිය භාරයේ ඇති සේප්පුවක බහා එය ලංකා බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කිරීමට එම අධිකාරිය කටයුතු කරමින් සිටී.
 
 විශාල මිදි පොකුරක් ආකාරයට ඕවලාකාර හැඩයෙන් පිහිටා ඇති මෙම මැණික වැනි වෙනත් මැණික් ලෝකයෙන් මෙතෙක් හමුවී නොමැති බව මැණික් අධිකාරියේ සභාපති කීය.
 
 මෙම මැණික සඳහා අධිආරක්‍ෂාවක් මේ වනවිට යොදවා තිබෙන බව මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘‘දිවයින’’ට ඊයේ පැවසීය.
 
 විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක් බව පැවසේ.
 
 කිලෝ ග‍්‍රෑම් 510 ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5 ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය සෙරන්ඩිපිටි නිල් මැණික්’’ ලෙස නම් කර ඇත.
 
 මෙම මැණික් පොකුර ඊයේ උදෑසන රත්න විiාඥයින් විසින් පරීක්ෂා කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

අකිත පෙරේරා , ප‍්‍රභාත් විතාන, කහවත්ත- සමරවීර නිරෝෂණ සහ රත්නපුර ධර්මපි‍්‍රය ලියනාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment