කහ වගාවෙන් සරු අස්වනු ලබන මහජන නියෝජිතයෙක්

452

තමන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පෙහොර තම ගෙවත්තේම නිෂ්පාදනය කර ගෙන කාබනික වගාවෙන් සාර්ථක ඵල ලබා ගන්නා ඒ මහතා රසායනික පොහොර නැතිව වගා කටයුතු සාර්ථකව කර ගැනීමට නොහැකි යයි පාරවල් ගාණේ උද්ඝෝෂණ කරන දේශපාලකයන්ට ආදර්ශයට ගත හැකි දේශපාලනඥයෙකි.

කහ වගාවෙන්  සරු අස්වනු ලබන  මහජන නියෝජිතයෙක්


රජය මගින් කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමග වියළි කහ කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 3000 කට 3500 කට පමණ ඉහළ ගියේය. දේශීයව සාර්ථකව වගා කළ හැකි කහ මෙතරම් වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට සිදුවූයේ මෙරට ජනතාව කහ වගා කිරීම අත්හැර දමා තිබූ බැවිණි. අතීතයේ අපේ රටේ සෑම ගෙවත්තකම කහ පඳුරු දෙක තුනක්වත් වගා කර ගැනීමට අපේ පැරැන්නෝ කටයුතු කළහ. එමගින් ගෙදර අවශ්‍යතාවය සඳහා කහ ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. කහ මිල ඉහළ යාමත් සමග නැවතත් ජනතාව තුළ කහ වගා කිරීමේ උනන්දුවක් ඇති වෙමින් තිබෙන බව දක්නට ලැබේ.

 එහෙත් වගා කිරීම සඳහා කහ පැළ හෝ බීජ අල සොයා ගැනීමට නොහැකි වීමේ ගැටලූවකට ඔවුන් මුහුණ පා සිටිති. මෙම ගැටලූවට විසඳුමක් වශයෙන් කහ වගා කිරීමට කැමැත්තක් දක්වන ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රෝපනය කිරීමට කහ බීජ හෝ කහ පැළ ලබා දීමට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන එච්. එ්. පියසේන මහතා සූදානමින් සිටියි. එමගින් ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කහ ප‍්‍රදේශයේම වගා කර කහ හිඟය මග හරවා ගැනීමට සහය ලබාදිම ඔහුගේ අපේක්‍ෂාවයි.

 කඹුරුපිටිය හොරපාවිට පදිංචි එච්. එ්. පියසේන මහතා මේ වන විටත් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් හෙක්ටයාර් දෙකක පමණ භූමි භාගයක සාර්ථක කහ වගාවක් පවත්වා ගෙන යෑමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රසායනික පෙහොර භාවිතයෙන් තොරව කාබනික පොහොර යොදාගෙන කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් වශයෙන් කාබනික පොහොර පමණක් යොදාගෙන කහ වගා කිරීම එ් මහතා ආරම්භ කර ඇත.

 කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දැඩි ඇල්මක් දක්වන එ් මහතා පසුගිය කාලයේ ප‍්‍රදේශයේ කාෂිකර්මික කටයුතු දියුණු කිරිම සදහා තම පෞද්ගලික ධනය වැය කොට ජනතාවට උසස් වර්ගයේ පොල් පැළ සහ එළවළු පැළ ලබාදීමටද කටයුතු කර තිබිණි.

කහ වගාවෙන්  සරු අස්වනු ලබන  මහජන නියෝජිතයෙක්

තමන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පෙහොර තම ගෙවත්තේම නිෂ්පාදනය කර ගෙන කාබනික වගාවෙන් සාර්ථක ඵල ලබා ගන්නා ඒ මහතා රසායනික පොහොර නැතිව වගා කටයුතු සාර්ථකව කර ගැනීමට නොහැකි යයි පාරවල්

 ගාණේ උද්ඝෝෂණ කරන දේශපාලකයන්ට ආදර්ශයට ගත හැකි දේශපාලනඥයෙකි.

 මේ පිළිබඳව අදහස් දැක් වූ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී එච්. එ්. පියසේන මහතා පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලයේත් මම කෘෂිකර්මාන්තය දියුණු කරන්න වැඩ සටහන් රැුසක් ආරම්භ කොට ක‍්‍රියාත්මක කළා. මම දේශපාලනයට සම්බන්ධ වෙන්න කලින් කටයුතු කළේ ව්‍යාපාරිකයෙක් වගේම ගොවියෙක් විදියට.

 එ් නිසාම මට කාෂිකර්මාන්තය පිළිබඳව අත්දැකීම් වගේම ආශාවකුත් තියෙනවා.

 මට තියෙන අත්දැකීම් යොදාගෙන කාබනික පොහොර භාවිතා කොට වගා කටයුතු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගයක් විදියටත් රට තුළ ඇති වූ කහ හිඟයට පිළියමක් විදියටත් තමයි මම මහා පරිමාණයේ කහ වගාවක් ඇති කිරීමට කටයුතු කළේ. රසායනික පොහොර නැතිව සාර්ථකව වගා කටයුතු කළ හැකි බව මම අද ඔප්පු කර පෙන්නල තියෙනවා.

 පී. එල්. ජයවර්ධන
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment