කළුගඟේ ජල මට්ටම අඩි 8.69ක් ඉහළට

263

හදිසි ගංවතුරකට මුහුණ දීමට සූදානම් – කළුතර දිසා ලේකම් සුසන්ත ගිනිගේ

මිල්ලකන්ද ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම ඊයේ (16 දා) උදේ වනවිට අඩි 8.69ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත්, කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු අංශ සූදානමින් තබා ඇති බවත් කළුතර දිසා ලේකම් සුසන්ත ගිනිගේ මහතා ඊයේ පැවසීය.බුලත්සිංහල, පාලින්දනුවර හා වලල්ලාවිට, මදුරාවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක නිවාස 40කට පමණ ගංවතුර හේතුවෙන් අර්ධ හානි සිදුව ඇති බවත් එම පිරිස් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවත් නිවාස තවත් නිවාස රැසක් ් ජලයෙන් යටවී අති බවත් ඒ මහතා කීය.කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිටත් අදාළ ප්‍රදේශවල රාජකාරි කටයුතුවල යෙදී සිටින අතර හදිසි ගංවතුර තත්ත්වයකදී පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය බෝට්ටු හා අඟුල් අවශ්‍ය පරිදි ස්ථානගත කර ඇතැයි ද දිසා ලේකම්වරයා කීය.එම බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන හා අත්‍යවශ්‍ය රාජකාරි සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නිකුත් කර ඇති බවත්, හදිසි තත්ත්වයකදී පිසූ ආහාර ලබාදීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීමට ගෑස් සිලින්ඩර් 100ක් සූදානම් කර ඇති අතර ඒ සඳහා ආහාර ද්‍රව්‍ය ද සූදානම් කර ඇති බවත් ඒ මහතා කීය.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment