කළුතර ටෂී ඝාතනයට රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු ලෙඩ වී මියගිහින්

45

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී තෂ්මින් මධුවන්ත නොහොත් කලමුල්ලේ ටෂී නැමත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු පෙරේදා (27දා) හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි කළුතර පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති පුද්ගලයෙකි.

තිදරු පියෙකු වූ ටෂී නැමැත්තා පසුගිය 20දා වෙඩි තබා ඝාතනය කළ අතර, එහිදී ඔහුගේ අට හැවිරිදි දියණියක ද තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. එම ඝාතනය සම්බන්ධයෙන් කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තුෂාර නැමැත්තා ඉකුත් 25දා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර එහිදී හදිසියේ අසනීප වී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුතර නාගොඩ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment