උසස් පෙළට ඇතළුවූ ශිෂ්‍යයා නවකවධයට ලක්වී නළල පුපුරා යෑමෙන් සිහි කල්පනාව නැතිවෙලා!

755

සැකකාර සිසුහු තිදෙනා පරිවාසභාරයට

කළුතර ප්‍රධාන පාසලක උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුල්වූ නවක සිසුවකුට අමානුෂික අන්දමින් පහර දී නවකවදයට ලක්කළ බවට සැකපිට දාහත් හැවිරිදි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සිසුන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාසභාරයට පත්කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රධාන පිරිමි විදුහලක අපොස උසස් පෙළ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු බව පොලිසිය කීය. එම විදුහලේ අපොස උසස් පෙළ පංතියට ඇතුල්වූ නවක සිසුවකුට මෙසේ නවක වදය ලබාදී පහරදී ඇති බවට පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රකාශ ලබාදී ඇති බවත්, ඔහු ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ. පහරකෑ සිසුවාගේ නලල ප්‍රදේශය පුපුරා යෑමෙන් මැහුම් කිහිපයක් යොදා ඇති බවත්, ඔහු පැය 24 කට වැඩි කාලයක් නිසි පරිදි සිහි කල්පනාවෙන් නොසිටි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment