කළුතර ප්‍රා.ස. ලේකම් චම්පා වීරසේකරගේ අවසන් කටයුතු හෙට

1174

පානදුර නගර සභාව, පානදුර ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු දැරූ චම්පා වීරසේකර මහත්මිය මිය යන විට 53 වැනි වියේ පසුවූ දෙදරු මවකි. නිලධාරි පාලනයක් යටතේ වසර කිහිපයක් මනා ලෙස කළුතර ප්‍රාදේශීය සභාව පාලනය කළ ඇය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජනතාව අතරත් හොඳහිත දිනා සිටී ප්‍රියමනාප නිහතමානී රාජ්‍ය නිලධාරිණියකි.

දේහය වාද්දුව, පොහද්දරමුල්ල ෆොන්සේකා වත්ත නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඉරිදා 23 වැනිදා කළුතර ප්‍රාදේශීය සභාවේ වස්කඩුව පොදු සුසාන භූමියේ සිදුකෙරේ.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment