කළුතර බ්ලූ ස්ටාර් පෙරමුණේ

100

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ නිමාවට තවත් දෙදිනක් පමණක් ඉතිරිව තිබියදී ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවන්නට කළුතර බ්ලූ ස්ටාර් පාපන්දු සමාජය සහ කොළඹ පාපන්දු සමාජය සමත්වී සිටී.

මෙරට පළමු වෘත්තීය ක‍්‍රීඩා සමාජයීය ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා කළුතර බ්ලූ ස්ටාර් පාපන්දු සමාජය සහ කොළඹ පාපන්දු සමාජය අතර තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබීම ඒ අතරේ කැපී පෙනේ.

තරග 08 කට සහභාගි වෙමින් එම දෙපිල ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 19 කි. ඒ සඳහා පැමිණි ගමනේදී තරග 06 බැගින් ජයග‍්‍රහණය සටහන් කරගත් එම දෙපිල එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. මෙවර පරාජය ලැබූ තරග සංඛ්‍යාව 01 බැගිනි.

පසුගිය සති අන්තය වන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම රැුඳී සිටින්නට සමත් වූ සී හෝර්ක්ස් පිලට මේ වන විට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවීම විශේෂත්වයකි.

2021.12.06 දින නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සමාජය සමග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයට වයස අවුරුදු 21 ට අඩු ක‍්‍රීඩකයකු යෙදවීමට අපොහොසත්වීම නිසා සී හෝර්ක්ස් පිල ලත් ප‍්‍රසාද ලකුණු 03 ක් කපා දැමීමට සුපර් ලීග් පාපන්දු විනය කමිටුව තීරණය කර තිබේ.

මෙම තරගයේ ආරම්භක මිනිත්තු 28 සහ අවසන් මිනිත්තු 18 තුළ අවුරුදු 21 න් පහළ ක‍්‍රීඩකයකු යෙදවීමට සී හෝර්ක්ස් පිල සමත් වුවද එම වයසේ ක‍්‍රීඩකයකු මිනිත්තු 28 සිට 72 දක්වා කාලය තුළ පිටිය තුළ රැුඳී නොසිටීම හේතුවෙන් අප් කන්ටි‍්‍ර ලයන්ස් කළමනාකාරීත්වය විරෝධතාවයක් එල්ල කර තිබිණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝල් 03 – 00 ක ජයග‍්‍රහණයක් නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිලට පිරිනැමීමට සුපර් ලීග් විනය කමිටුව තීරණය කළේය.

ප‍්‍රසාද ලකුණු 14 ක් වාර්තා කර ගනිමින් 04 ස්ථානය තහවුරු කර ගැනීමට රිනවුන් සමාජය සමත් වී සිටින අතර ඔවුන් ලබාගෙන ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව 04 කි. ඔවුන් තරග 02 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙන තිබේ.

ප‍්‍රසාද ලකුණු 13 කට හිමි කම් කියන නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල 05 වැනි ස්ථානයේ පසු වෙති.

මේ වන විට 07 ස්ථානයේ රැු`දී සිටින ඩිෆෙන්ඩර්ස් සමාජය එක් ජයග‍්‍රහණයක් වාර්තා කර ගෙන ඇති අතර 06 ස්ථානය හිමි පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය සහ 08 ස්ථානයේ පසුවන වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය තරග 02 බැගින් ජය ගැනීමට සමත් විය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ‍්‍රිතව එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට 10 ස්ථානයේ පසු වන බ්ලූ ඊගල්ස් සමාජයට සහ 09 ස්ථානය හිමි කොළඹ රත්නම් සමාජයට නොහැකි වීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය තුළ සෑම කණ්ඩායමක්ම තවත් එක් තරගය බැගින් සහභාගි වීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment