කළුතර බෝධිය සංවර්ධනයේ නිර්මාතෘ සිරිල් ද සොයිසා 126 වැනි ජන්ම දින සැමරුම්

129

කළුතර බෝධිය සංවර්ධනයේ නිර්මාතෘ මෙන්ම බෞද්ධ ජන නායකයකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 126 වැනි ජන්ම දිනය ඊයේ (26) දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ඥාතීන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිලධාරීන් සහ බළපිටිය ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණසමරු පදනම එක්ව ඊයේ පෙරවරුවේ දී ජන්ම භූමිය වන බළපිටිය වැලිතර සුසාන භූමියේ පිහිටි භෂ්මාවශේෂ තැන්පත් කළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව බළපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොස්ගොඩ සිරිවිමල, කොස්ගොඩ ගොඩපිටිය සිරි නිවේසාරාමාධිපති කොස්ගොඩ සිරි චන්දිම යන හිමිවරුන්ද, බළපිටිය ප්‍රදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හා බළපිටිය ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණසමරු පදනමේ සභාපති අජිත් අසේල ද සොයිසා, ඥාතියකු වන රන්ජන් ද සිල්වා, බෝධිභාරකාර මණ්ඩලයේ කළමනාකරු වසන්ත විජේවර්ධන, ජනාධිපති මාධ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවීණ ලේඛක අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා සහ පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් ඒ. ද එස්. කනකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment