කළුතර මොල්ලිගොඩ ප‍්‍රාථමිකයට යතුරුපැදි ජයක්

228

වයස අවුරුදු 13 න් පහළ, සී.සී. 50 කාණ්ඩයේ :50ක්‍ක්‍) යතුරුපැදි ධාවන තරගයේ ප‍්‍රථම ස්ථානය කළුතර මොල්ලිගොඩ ප‍්‍රාථමික විiාලයට හිමිවිය.

කිලෝ මීටර් 10 කින් (වට 03) යුත් එම තරගයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගත් ශිෂ්‍යයා වූයේ කළුතර මොල්ලිගොඩ ප‍්‍රාථමික විiාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන මිහෙල මන්තිරු සිල්වා ශිෂ්‍යයා වේ. මීරිගම ධාවන පථයේදී තරගය පැවැත්විණි.

එම ජයග‍්‍රහණය පිළිබඳව කළුතර මොල්ලිගොඩ ප‍්‍රාථමික විදුහලේ විදුහල්පති එච්.එම්. පාලිත මහතා මෙසේ පැවැසීය.

මිහෙග මන්තිරු සිල්වා දරුවා අප පාසලට සම්බන්ධ වන්නේ 2019 වසරේ පළමුවන වසරටයි. මෙම දරුවා අනිකුත් දරුවන්ට වඩා හැකියාවකින් යුතුයි. විෂය සමගාමී අධ්‍යයන කටයුතුවලදී දරුවාගේ ඉදිරිපත් වීම ඉතා යහපත් තත්ත්වයක පවතිනවා. සාමූහිකව ගත්තම මිහෙල මන්තිරු ශිෂ්‍යයා අනිකුත් සිසු දරුවන්ට වඩා ඕනෑම දෙයකට ඉදිරිපත් වීමේ ප‍්‍රමුඛස්ථානයක් දරනවා. මෙම දරුවාගේ ජයග‍්‍රහණය අප විiාලයටත් ගෞරවයක්. ඒ ලැබූ ජය ආදර්ශයට ගෙන සෙසු ශිෂ්‍ය දරුවන්ට තම තමන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ සිතුවිලි පහළ විය යුතුය. මිහෙල මන්තිරු දරුවාගේ ජීවිතය සර්වප‍්‍රකාරයෙන් සාර්ථක වේවායි ගුරු මණ්ඩලය හා සියලූම සිසු දරුවන් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරනවා යැයි විදුහල්පති පැවැසීය.

වාද්දුව විශේෂ – ගාමිණී මුණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment