කළුතර සිසුවියගේ දුරකථනය සොයා නාවිකයෝ මුහුද පීරති

6453

කළුතර ලැගුම්හලක තුන්වෙනි තට්ටුවෙන් වැටී ජීවිතය නැති වූ පාසල් දැරිය සතු ජංගම දුරකථනය සැකකරුවකු විසින් මුහුදට විසි කරනු ලැබීමෙන් පසු එම දුරකථනය සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවූ බව කළුතර (දකුණ) පොලිසිය කියයි.

මෙම පාසල් දැරිය සමඟ පැමිණි තරුණ යුවළගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇගේ ජංගම දුරකථනය මෙසේ මුහුදට විසි කර ඇති බව හෙළි වී තිබිණි.

එම යුවළේ පෙම්වතා යැයි කියනු ලබන පුද්ගලයා මෙම ජංගම දුරකථනය මුහුදට විසි කර ඇත්තේ එම දුරකථනයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය හැකි නිසා බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

කෙසේ වෙතත් ඇගේ දුරකථනය පිළිබඳව වාර්තාවක් අදාළ දුරකථන සමාගම මගින් කැඳවා ඇත. ඇයට අවසන් මොහොතේ දුරකථන පණිවුඩය දුන් පුද්ගලයාගේ දුරකථන අංකය සොයා ගැනීමට අසීරු නොවන බව ද පොලිසිය කියයි.
නෝමන් පලිහඩවන

advertistmentadvertistment
advertistmentadvertistment