කළුදොදොල් වලට හරි ආසයි… ලංකාවට ආපු ඉවැන්ජලීනා මීවිතට කියූ කතාව

522

ලංකාව කියන්නේ කාලෙන් කාලෙට ලෝකය ඇතුළේ කතාබහ වෙන පුංචි රටක්. ක‍්‍රීඩාවෙන් වගේම රූප රාජනී තරඟ ඉතිහාසය තුළත් ලංකාව නොයෙක් ජයග‍්‍රහණ අත්පත් කරගත්තා. ලාංකේය සම්භවයක් සහිත සුරූපිණියන් විදෙස් රටවල් නියෝජනය කරමින් බියුටි පැජන්ට් ජයග‍්‍රහණය කරපු අවස්ථා බොහෝමයක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ විශේෂ යුවතියක් ගැන. ඒ තමයි ඉවැන්ජලීනා එල්ච්මනර්. එක්සත් ජනපදයේ 2021 මිස් ඉන්ටර්නැෂනල් ලෙස තේරී පත් වූ ඇය නුදුරේදීම පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඞ් තරඟාවලිය සදහා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉදිරිපත්වීමට නියමිතයි. ඒ අතරවාරයේ ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අතහිතදීමේ අරමුණෙන් මෙරට සංචාරයකට එකතුවුණා. ඒ අතරවාරයේ ඇය අපිත් එක්ක ඇයගේ අදහස් බෙදාගත්තේ මෙන්න මෙහෙමයි.

 මම ඉපදුනේ ප‍්‍රංශයේ පැරිස් වල. මට අවුරුද්දක් වෙනකොට මගේ පවුල එංගලන්තෙට සංක‍්‍රමණය වුණා. මට ජෝන්ස් සහ වෝල්ටර් කියල වැඩිමල් සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනෙක් සහෝදරයා රසායන ඉංජිනේරුවරයෙක්. ඉතින් මම පවුලේ බාලයා විදිහට හැමෝගේම ආදරය මැද ලොකු මහත් වුණේ. මගේ අම්මා ශාන්ති රාජකරුණා. වෘත්තීයෙන් ප‍්‍රජා සංවර්ධන නිළධාරිණියක්. ලංකාවේ ඇගේ පවුලේ අය ඉන්නේ කොළඹ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ උපන් ගම මඩකලපුව.

කළුදොදොල් වලට හරි ආසයි... ලංකාවට ආපු ඉවැන්ජලීනා මීවිතට  කියූ කතාව

තරුණියක් විදිහට මම ගොඩක් කැමැතියි සංගීතයට. විශේෂයෙන්ම ගීත ගායනයට. පුංචි කාලේ ඉ`දන්ම මම රංගනයට සහ නර්තනයටත් එක වගේම දක්‍ෂයි. ඒක මගේ ඇගේ තියෙන දෙයක්. සමහරවිට මට ඒ දක්‍ෂතාවය එන්න ඇත්තේ මගේ අත්තම්මගෙන්. ඇය ඒ කාලේ ලංකාවේ සිනමාපටවල රඟපාලත් තියෙනවා. අවුරුදු 7 ඉ`දන් අවුරුදු 15 වෙනකම් මම නර්ථන කණ්ඩායමක් එක්ක ලෝකෙ වටේම ගියා. ඔය කාලෙ තමයි මගේ හිත රූ රැජන තරඟ වලට ඇදිලා ගියේ. වයස අවුරුදු 13 දී මම ගේ‍්‍රට් බි‍්‍රටනියාවල මිස් ටීන් විදිහට තේරී පත්වුණා.

 රූ රැජන තරඟ හරහා ලැබෙන ජනප‍්‍රියත්වය සහ සාර්ථකත්වය මම යොදවන්නේ පුණ්‍යායතනවලට පරිත්‍යාග සිදු කරන්න. ඒක මම කරන්නේ ලොකු ආසාවකින්. අසරණ පුද්ගලයින්ට පිහිටවෙන එක මට ලොකු සතුටක්. මගේ වටේ ඉන්න අය පවා මට ඒ වෙනුවෙන් උදව් කරනවා. මගේම කිියල අසරණ අයට උදව් කරන සංවිධානයක් පවත්වාගෙන යනවා. ඒක දියුණු කරගන්න එක තමයි මගේ අරමුණ. ඒ හරහා මට බොහෝ අයට උදව් කරන්න පුළුවන්.

 උසස් අධ්‍යාපනය ලබන කාලේ වේදිකා නාට්‍යවල පවා මම රඟපාල තියෙනවා. ටොරෙන්ටෝ ”ඇකැඩමි ඔෆ් ඇක්ට්ං ෆො ෆිල්ම් ඇන්ඞ් ටෙලිවිෂන්” ආයතනයේ රංගනය පිළිබ`ද වැඩිදුර අධ්‍යාපනය හදාරන්න මම යොමු වුණේ ඒ ආසාව නිසාමයි. එක්සත් රාජධානියේ පවත්වන ප‍්‍රධාන රූ රැජන තරඟ තුනෙන් එකක් තමයි මිස් ඉන්ටර්නැෂනල් කියන්නේ. ලාංකේය සම්බභවයක් සහිත තරුණියක් විදිහට මම වාසනාවන්ත වුණා පළමු වතාවට ඒ ජයග‍්‍රහණය ලබාගන්න. ලාංකිකයෙකු විදිහට එක්සත් රාජධානිය නියෝජනය කරන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

කළුදොදොල් වලට හරි ආසයි... ලංකාවට ආපු ඉවැන්ජලීනා මීවිතට  කියූ කතාව


මගේ ලොකුම ශක්තිය මගේ පවුල. විශේෂයෙන්ම මගේ අම්මා. ඇය මාව නිතරම දිරිගන්වනවා. තරුණියක් විදිහට මම ජීවිතය ගැන හො`ද දැක්මකින් යුක්තයි. ඒ වගේම විචාරශීලීව ඕනෑ දෙයක් දිහා බලන්න මට පුළුවන්. ඒ තමයි මගේ විශේෂත්වය. දේශගුණික විපර්යාස නිසා ලෝකය විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ මිනිසුන්ගේම ක‍්‍රියාකාරකම් නිසයි. මට අවශ්‍යයි ඊට එරෙහිව හ`ඩ නගන්න. මිනිසුන්ව දැනුවත් කරන්න. ඒ තුළින් මිනිසාට තිරසාර ලෝකයක් සහ තිරසාර ජීවිතයක් උරුම කර දෙන්න පුළුවන් නම් ඒක මගේ ලොකුම බලාපොරොත්තුවක්.

 කාන්තාවන් සවිබල ගැන්වීම වගේම කාබනික කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයේ ජීවනෝපායක් තෝරාගැනීම සදහා උපදෙස්දීම සහ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම මගේ ඉදිරි අරමුණු අතර තියෙනවා. මම ලංකාවට ආවෙත් ඒ අරමුණෙන්. ලංකාව කියන්නේ ඇත්තටම ලස්සන රටක්. රූපය නිසා ලෝකයක් හඳුනාගත්තු පිරිසක් ලංකාව ඇතුලේ ඉන්නවා.

 ඉදිරි දවස් කිහිපයේදී මම ලංකාව වටේ ඇවිදිනවා. ලංකාවේ සුන්දරත්වය හිත් පුරා විදගන්න මම කැමතියි. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඞ් තරගය වෙනුවෙන් සූදානම් වෙනවා. ලංකාවෙ මම ආසම කෑම තමයි කළු දොදොල්. ලංකාවේ ඉන්න හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්නත් මගේ කැමැත්තක් තියෙනවා. මම හිතනවා ඉදිරියේදී පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඞ් තරඟය වෙනුවෙන් ඔයාල මට ආශීර්වාද කරයි කියලා. මම ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි.

 අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment