කළුබෝවිල දරුවෙක් කටුනායක බිල්ලෙක් මවයි

257

කටුනායක ගුවන් පර්යන්ත ගොඩනැඟිල්ලේ බෝම්බයක් සඟවා ඇති බවට එම පොලිස් ස්ථානයට පෙරේදා (25දා) ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව පොලිස් කණ්ඩායම් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළද එවැනි බෝම්බයක් සොයා ගැනීමට හැකිවී නැත.

මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ විනාඩි දහයක් පමණ කලබල ස්වරූපයක් ගත්තේය.

එම දුරකථන පණිවුඩය දුන් පුද්ගලයා පිළිබඳව පොලිසිය මගින් සොයා බැලීමේදී ඔහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවකු බව හෙළිවූ අතර එම දරුවාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමා මෙය විහිළුවට කළ බවයි. පොලිසිය මෙහිදී දරුවාට අවවාද කර මෙවැනි දුරකථන පණිවුඩයක තිබෙන බරපතළකම සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment