කළුබෝවිල නිවසක කඩු කිණිසි හංගලා ටී.56 බොරු අවියකුත් තිබිලා

615

දෙහිවල, කළුබෝවිල, රත්නාවලී පාරේ නිවසක සඟවා තිබූ කඩු 8ක්, කිනිසි 3ක්, ටී – 56 ගිනිඅවියක ප්ලාස්ටික් ආකෘතියක්, ඉලෙක්ට්‍රෝනික තරාදියක්, හා අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 11ක් සමග එක් පුද්ගලයකු කොහුවල පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු කළුබෝවිල රත්නාවලී පාරේ පදිංචි 48 වැනි වියේ පසු වන පුද්ගලයෙකි. නිවසේ කොටසක ත‍්‍රීරෝද රථ අලූත්වැඩියා ස්ථානයක් පවත්වා ගෙන යමින් දීර්ඝ කාලයක සිට සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

කොහුවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේ දී ගරාජයේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය හමුවී ඇත. වැඩිදුර නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී ඇඳක් යට සඟවා තිබූ මෙම කඩු, කිනිසි, ගිනි අවි තොගය සොයා ගනු ලැබ ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරී 2 බුද්ධික දර්ශන පාලිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කොහුවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. හැරිසන් හෙට්ටිහේවා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එල්. ඒ. එස්. යූ. කේ. ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන නාමල් සහ නයනතාර, පොලිස් කොස්තාපල්වරුන් වන (72315* සම්පත්, (22136* ජයසුන්දර, (93781* තෙන්නකෝන්, (93998* සම්පත්, (98438* නානායක්කාර, (97559* තෙන්නකෝන්, (27510* ඊරියගම, කාන්තා පොලිස් කොස්තාපල් (10131* ෂානි, (12256* වාසනා යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment