කළුබෝවිල රෝහලට අලූතින් මහල් 3ක් මේ සතියේ ලැබේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

129

කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහා ඉදි කළ නව ගොඩනැඟිල්ලේ මහල් තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහලට භාරදීම මේ සතියේ සිදුවනු ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (24 ද) පැවසීය.

මහල් හතකින් යුත් නව ගොඩනැඟිල්ලේ මහල් හතරක් රෝහලට ලැබෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙමගින් සාමාන්‍ය රෝගීන්ට මෙන්ම කොවිඞ් රෝගීන්ටද වැඩි වශයෙන් නේවාසික පහසුකම් ලැබෙනු ඇතැයි පැවසූ වෛද්‍ය බෙල්ලන මහතා රෝහල තුළ පැවැති තදබදය ද පහව යනු ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment