කළුබෝවිල රෝහලේ ඇස්ප්‍රින් නෑ

77

කළුබෝවිල රෝහලේ හෘද රෝගී සායනයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ගයක් වූ ඇස්ප්‍රින් නොලැබීමෙන් මහත් අසීරුතාවකට පත්ව ඇත.

පිටස්තර ඖෂධසල්වලින් ලබා ගන්නා ලෙස උපදෙස් දී ඇතත් කොළඹ සිට පානදුර දක්වා තිබෙන පෞද්ගලික ඖෂධහල්වල ඇස්ප්‍රින් නොමැති වීමෙන් රෝගීන් කළ යුත්තේ කුමක් දැයි නොදැන දුකට පත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ගැන සොයා බලා කඩිනම් වැඩපිළිවෙළක් ඇති කරන්නැයි රෝගීහු ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධ්‍යක්‍ෂ එම්. සාගරී මහත්මියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ නේවාසික රෝගීන් සඳහා ඇස්ප්‍රින් පවතින බවත්, සායනිකව සහභාගි වන රෝගීන්ට ඇතැම් අවස්ථාවල ඇස්ප්‍රින් නොමැති වන අවස්ථා පවතින බවත්ය. රෝහල තුළ මීට පෙර ඖෂධ තොග පැවැතියත් මේ වනවිට ඖෂධ අවසන්වීම, එම ඖෂධ දිනකින් දෙකකින් නැවත ලැබීම වැනි තත්ත්වයන් පවතින නිසා රෝහලට මෙම ඖෂධය නොමැති බවට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඇය කියා සිටියාය.
හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment