කළුබෝවිල රෝහලේ කොවිඞ් මරණ පරීක්‍ෂණ 1000 පසුකරයි

449

කොවිඞ් ආරම්භයේ සිට මේ දක්වා කොවිඞ් මරණ පරීක්‍ෂණ 1000 ක් පමණ සිදුකර ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ‘‘දිවයින’ ට පැවසීය. එහි මරණ පරීක්‍ෂක උසාවියේ දිනකට කොවිඞ් මරණ පරීක්‍ෂණ 10 ක් පමණ සිදු කරන බවද හෙතෙම කීය. දිනපතා කොවිඞ් මරණ පරීක්‍ෂණ කඩිනමින් සිදු කිරීම හේතුවෙන් රෝහල් මෘත ශරීරාගාරය තුළ මෘතදේහ තැන්පත් කිරීමේ ගැටලූවක් නැතැයිද හේ කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment