කළුබෝවිල රෝහලේ ධාරිතාව පනී

444

කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක මේ වනවිට කොවිඞ් ආසාදිත රෝගීන් 300කට අධික පිරිසක් ප‍්‍රතිකාර ලබන බවත්, රෝහල් ධාරිතාවය ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (20 දා* පැවසීය.

 එසේම රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනකු ද, හෙද නිලධාරීන් 10 දෙනකු ද, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින් 10 දෙනකු ද ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලයේ 30 දෙනකු කොවිඞ් ආසාදිතයින් බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

 අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලය ද මේ වවිට දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

 රෝහලේ කොවිඞ් මරණ පෙරේදා (19 දා* 16 ක් වාර්තා වූ බව ද ඔහු තවදුරටත් කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment