කළුබෝවිල රෝහල මළ සිරුර භාර ගැනීම නතර කරයි

570


කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද සිට එහි මෘත ශරීරාගාරය වෙත භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසව පිහිටි සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36ක ධාරිතාව ඉක්මවා බාහිරින් රැගෙන ආ නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකොට අතහැර දමා තිබීම බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment