කළු ගඟට පැන දිවි නසා ගත් තරුණයාගේ මරණයට පෙම්වතියගේ පියා රිමාන්ඩ්

170

සිත් තැවුලකින් කළුතර පාලමෙන් කළු ගඟට පැන දිවි නසාගත් බව කියන 18 හැවිරිදි තරුණයෙකුගේ මරණයට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ එම තරුණයාට පහරදී ඇති බව කියන 14 හැවිරිදි පෙම්වතියගේ පියා ජූලි මස 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියම කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ කුරේ ගාඩ්න්ස්හි, පදිංචි දේවගේ විමල් ජයසේකර නොහොත් ‘බිබී’ නම්වූ අයටය.

මොහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකර සාපරාධී සාවi මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්ෂාකාරී හෝ නොසැලිකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීම යන කරුණු මතය.

ඉකුත් 07 වැනිදා කළු ගඟට පැනීමෙන්  මියගොස් ඇත්තේ කළුතර නාගොඩ 3 වන පටු මගේ පදිංචිව සිටි වලිමුනි මනීෂ කවිෂ්ක සිල්වා නම්වූ අයෙකි.

එම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛi නිලධාරී එන්. එල්. එල්. ජයසිංහ මහතා මෙය දියේ ගිලී ස්වශනය අක්‍රියවීමෙන් සිදුවූ මරණයක් බවත් මොහුගේ හිසේ සහ පාදවල ඇති තුවාල මියයෑමට පෙර සිදුව ඇති බව පෙනීයන බවත් අධිකරණයට වාර්තා කර තිබුණි.

මෙම තරුණයාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බවට ඔහුගේ මව වන නිල්මිණි සමරසේකර රාජකරුණා යන අය විසින් ඉකුත් 11 වැනි දින කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ල අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භකොට තිබුණි.

මේ අතර කලහකාරී පිරිසක් මෙම සැකකරුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර පලාගොස් සැඟව සිටි සැකකරු ඉකුත් 20 වැනි දින පොලිසියට භාරවී තිබුණි.

මියගිය අයව දුරකථන කෙටි පණිවුයක් මගින් ගෙන්වාගෙන පහරදී ඇති බවත් සිද්ධියෙන් පසුව ‘අරූ මට ගැහුවා’ යැයි කෙටි පණිවුයක් ඔහු මිතුරකුට යවා ඇති බවත් ගඟට පැනීමට පෙර කළුතර පාලම මතදී තම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇති බවත් පොලිස් පරීක්‍ෂක දයාසේන මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජගත් විජේසුන්දර හා දුමින්ද රාජපක්ෂ සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක කේ. කේ. දයාසේන මහතා මෙහි පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment