කළු සල්ලි ජාවාරමෝ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් පිටරටවල හිරකර ගනිති

408

රටවල් 15 ක ක්‍රියාත්මක වන කළු සල්ලි ජාවාරම්කරුවන් 200 ක් පමණ පිරිසක් ශ්‍රී ලාංකිකයන් සතු විදේශ මුදල් මෙරට බැංකුවලට යොමුවීමට ඉඩ නොදී එම රටවලම තබා ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත.

ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය යන රටවල ශ්‍රී ලාංකිකයන් උතුරට සිය විදේශ මුදල් ගලා ඒම වළක්වා ප්‍රෑන්ක් – ස්ටාලින් පවුම් සහ ක්‍රෝන් යන මුදල් උන්ඩියල් ජාවාරම්කරුවන්ට ලබාදී තිබේ. නෝර්වේහි ඔස්ලෝ නුවර පදිංචි ශ්‍රී ලාංකිකයකු විසින් මේ රහස් තොරතුරු අනාවරණය කර ඇත.

යාපනයට විශාල ලෙස ස්විස් ප්‍රෑන්ක් ගලා ආවේ ස්විස්ටර්ලන්තයෙන් වුවත් උන්ඩියල් ජාවාරම නිසා උතුරේ ස්විස් ප්‍රෑන්ක් සංචිතය අවම වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment