කළ හොඳ හිතා හිත හදා ගත් හිත හොඳ දොස්තර – අබ්ලික් Story

431

පියසේන පදිංචිවෙලා හිටියේ මහනුවර ඉඳලා බොහොම දුර බැහැර මඩුල්කැලේ කියන දුෂ්කර ප‍්‍රදේශයේයි. කුලී වැඩක් කරලා උපයා ගන්න සොච්චමෙන් පියසේන එයාගේ බිරිඳ කුසුමයි, දරුවො දෙන්නයි ලොකු මහත් කළා.

මේ සිද්ධිය වෙනකොට කුසුමා තුන්වෙනි දරුවා බිහිකරන්න බලාගෙන හිටියා. මේ පළාත බොහොම දුෂ්කර නිසා ප‍්‍රවාහන පහසුකමක්වත් තිබුණේ නැහැ. දවසක් රාති‍්‍රයේ කුසුමට හොඳටම අමාරු වුණා.

‘අනේ මට අමාරුයි මාව ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න. කුසුමා කෙඳිරි ගාන්න වුණා. කලබල වෙච්ච පියසේන ගෙවල් ළඟ තිබුණු අත්ට‍්‍රැක්ටර් එකක නන්වාගෙන කුසුමව ගමේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා. කුසුමව පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කලබලවෙලා හිටියේ.

මෙයාට ටිකක් අමාරුයි පුළුවන් තරම් ඉක්මනට මහනුවර හොස්පිටල් එකට ගෙනියන්න වෙනවා. නැත්නම් දෙන්නගෙම ජීවිත අනතුරේ.

වෛද්‍යවරු කුසුමා මහනුවර යවන්න තීරණය කළා. ඒත් ඒ වෙනකොට රෝහලේ ගිලන් රථය අබලන් වෙලා.

ඒ කතාව ඇහුවට පස්සේ සිරිසේනට දෙළෝ රත්වුණා.

අනේ බුදු සර් මට මගේ ගෑනිව බේර ගන්න ඕනේ කොහොම හරි එයාව මහනුවර ඉස්පිරිතාලෙට යවන්න.

පියසේන රෝහල් කාර්ය මණ්ඩලය ඉදිරියේ පිංසේණ්ඩු වුණා. අපේ ලොකු දොස්තර මහත්තයා ක්වාටර්ස් එකේ ඉන්නවා. මේ පළාතටම තියෙන්නේ එයාගේ කාර් එක විතරයි. උඹ ගිහින් දොස්තර මහත්තයට වැඳලා කියපං ගෑනිව බේරලා දෙන්න කියලා.

රෝහලේ සුළු සේවකයෙක් පියසේනගේ කණට කරලා කිව්වා. පියසේන ලොකු දොස්තර මහත්තයගෙ නිවසට හැල්මෙ දිව ගියා. ඒ වෙනකොට වෛද්‍යවරයා හිටියේ සුව නින්දේ.

‘අනේ බුදු සර් මට පිහිට වෙන්න. මගේ ගෑනිට හොඳටම අමාරුයි. එයාව මහනුවර ගෙනියන්න ඕනේ. සර්ගේ කාර් එක විතරයි මේ පළාතටම තියෙන්නේ. මට උදව් කරන්න. පියසේනගේ විලාපය ඇහුවට පස්සේ වෛද්‍යවරයාගේ හදවත උණු වුණා. ඒ වෙනකොට වෛද්‍යවරයා කුසුමගෙ තත්ත්වය ගැන දැනගෙන හිටියේ.

ටිකක් ඉන්න පියසේන මං එන්නම්.

කුසුමගෙ ජීවිතේ බේරගන්න වෛද්‍යවරු ඉදිරිපත් වුණා. මහ ? ජාමේ ඒ හිත හොඳ දොස්තර මහතා කුසුමව එයාගේ වාහනේම මහනුවර රෝහලට රැගෙන ගියා. කුසුමව එදින රාති‍්‍රයේම හදිසි ශල්‍යකර්මයකට භාජනය කළා. වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත්තත් පුංචි දරුවගෙ ජීවිතේ බේර ගන්න බැරිවුණා. ලොකු සටනක් කරලා කුසුමව යන්තම් ගොඩදාගන්න වෛද්‍යවරුන්ට හැකි වුණා.

මේ වෙලාවේ හරි මේ අම්මව ගෙනාව හින්ද එයාගෙ ජීවිතේ බේරගන්න පුළුවන් වුණා. තවත් පරක්කු වුණානම් දෙන්නම නැතිවෙනවා.

වෛද්‍යවරු පියසේනට කිව්වා. පියසේන කුසුමව රෝහලට ගෙනාව වෛද්‍යවරයාට වැඳ වැටිලා පිං දුන්නා.

මේ සිද්ධිය වෙලා දින තුන හතරකට පස්සේ එක දවසක උදේ වරුවේ වෛද්‍යවරයා පොලිසියට ආවා. එයා කෙළින්ම ගියේ ස්ථානාධිපතිවරයා ළඟට. මගේ ක්වාටර්ස් එක ඉස්සරහ තියෙන කෙසෙල් ගහේ ඉදෙන්න ඔන්න මෙන්න තිබුණ කෙසෙල් කැන ඊයේ ? හොරු කපලා. ඒ විතරක් නෙමෙයි එළියේ වැලේ වේලෙන්න දාලා තිබුණු වටිනා ඇඳුම් එකක්වත් නැහැ. මට මේ දේවල් එච්චර වටින්නෙ නැහැ. ඒත් හෙට දවසේ මේ හොරු මගේ ගේත් කඩයි මගේ ජීවිතෙත් අවදානම්. ඒ නිසා මේ ගැන හොයන්න.

වෛද්‍යවරයා ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මිනිස්සුන්ට උදව් කරන බොහොම නිරහංකාර හිත හොඳ වෛද්‍යවරයෙක් විදිහට එයා මේ ප‍්‍රදේශයේම ප‍්‍රසිද්ධ වෙලා හිටියේ. පොලිසියත් සියලූ රාජකාරි පසෙක තියලා වෛද්‍යවරයාට සාධාරණයක් කරන්න ඉදිරිපත් වුණා. පැය 24 ක් යන්න ඉස්සර ස්ථානාධිපති වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කළා.

ඩොක්ටර් අපි ඇකියුස් ඇල්ලූවා. පොඞ්ඩකට පොලිසියට එන්න. වෛද්‍යවරයා ඒ වෙලාවේම පොලිසියට ගියේ මේ නොහොබිනා කි‍්‍රයාව කළේ කවුද කියලා දැක බලා ගන්න.

ඩොක්ටර් බලන්න මේ මිනිහා අඳුනනවාද කියලා. සැකකාරයව දැක්කම වෛද්‍යවරයාගේ ඇස් උඩ ගියා. වෛද්‍යවරයාගේ ගෙදර කෙසෙල් කැනයි ඇඳුම් ටිකයි හොරකම් කිරීමේ වරදට අහුවෙලා හිටියේ පියසේන.

මේ මනුස්සයගෙ ගෑනිව බේරගත්තේ මම. මම නම් කීයටවත් විශ්වාස කරන්නෙ නැහැ පියසේන මෙහෙම දෙයක් කරයි කියලා.

වෛද්‍යවරයා ඔලූවේ අත්දෙක ගහගෙන කිව්වා.

ඒ සර්නෙ විශ්වාස කරන්නෙ නැත්තේ, දැන් මිනිහගේ කටින්ම අහගන්නකො වේචච දේ. ස්ථානාධිපතිවරයා කිව්වා.

අනේ බුදු සර් මට සමාවෙන්න. එහෙම්ම තමයි මේ හැමදේම හොරකම් කළේ. එදා අපේ ගෑනිව මහනුවර ගෙනියන්න කාර් එක ඉල්ලන්න ආව වෙලාවේ මං දැක්කා සර්ගේ ගේ ඉස්සරහා ලොකු ආනමාළු කෙසෙල් කැනක් වැලේ වටිනා රෙදි දාන බවත් දැක්කා. අරක්කු ටිකක් බොන්න අතේ ශත පහක් තිබුණේ නැහැ. ඉතිං මං තමයි මේ හොරකම කළේ.

පියසේන තමන් කරපු පාහර වැඬේ පිළිඅරගෙන කරපු හැම දෙයක්ම කිව්වා.

වෛද්‍යවරයාට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ උතුම් මිනිසා මොහොතක් කල්පනා කළා.

ඕඅයිසී මහත්තයා මට නඩු යන්න ඕනේ නැහැ. ඔන්න ඔය මිනිහව නිදහස් කරලා දාන්න.

එහෙම කිව්වට ඒ හිත හොඳ දෝසතර පොලිසියෙන් පිටවුණේ කන්න දෙන අත හපාකන මෙහෙමත් නරුමයෝ සමාජයේ ඉන්නවාද කියලා හිතාගන්න බැරුවයි.

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment